IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරෝනාවෙන් ඇමෙරිකාවේ මියගිය ගණන 20,000 පනී

කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන 20,000 ඉක්මවා ගොස් ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,071කි.

මේ වනවිට වැඩිම කොරෝනා මරණ ගණනක් හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

ඉකුත් දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය යුරෝපයට කඩා වැදුණි. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් බවට පත්වූයේ ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.

මේ වනවිට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පසුගිය සතියේ දී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනපතා වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය ඉතාලියෙන් දිනපතා වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය මෙන් තුන් ගුණයකි.

අල්ජසීරා 

055

 



අදහස් (1)

කොරෝනාවෙන් ඇමෙරිකාවේ මියගිය ගණන 20,000 පනී

ඇම් පී ධර්මසිරි Thursday, 16 April 2020 02:03 AM

තව ටික දවසකින් කොරෝනා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නැත්තටම නැති වෙලා යන්නෙ නෑ. ස්වභාවධර්මය විසින් එවන ලද රෝගයක්. මැරෙන අය මැරෙයි. ජීවත් වන අය ජීවත්වෙයි. උපදින සෑම කෙනෙකුටම මරණය උරුමයි. බොරු බයක් ඇති කරගන්න උවමනා නැත. ස්වභාවධර්මය අභිබවා යාමට නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site