IMG-LOGO

කටානේ විහාරස්ථානයක හිමිවරු 14 නමක් නිරෝධායනයේ

(ටෝනි කරුණානායක)

කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් කොවිඩ්-19 ආසාධිතයෙකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම විහාරස්ථානයේ හිමිවරුන් 14 දෙනෙකු එම විහාරස්ථානය තුළම නිරෝධායනයට යොමු කළ බව කටාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය අද (21) පැවසීය.


ඉකුත් ඔක්තෝබර් මස 03 වැනිදා සිට අද (21) දක්වා කටාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් කොවිඩ්-19 ආසාධිතයන් 415 දෙනෙකු සහ දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් කොවිඩ්-19 ආසාධිතයන් 626 දෙනෙකු හදුනා ගෙන ඇතැයි කටාන සහ දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස්.ඒ.යු.ටී. කුලතිලක මහතා කීය.

කටාන සහ දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ප්‍රදේශ රැසක පදිංචි කරුවන් 5110 දෙනෙකුට ඊයේ (20) සහ අද (21) දිනය තුළදී කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට කටයුතු කළ බව පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කුලතිලක මහතා වැඩ්දුරටත් සදහන් කළේය.



අදහස් (0)

කටානේ විහාරස්ථානයක හිමිවරු 14 නමක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 300 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 481 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site