IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්

( පාලිත ආරියවංශ )   

හපුතලේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න  යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව  පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

බලංගොඩ  , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇති අතර  ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී  මෙම බස්රථයේ ගමන්කළ  ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 අසාදිත  බව තහවුරු වීමෙන් පසු  මෙම පරික්ෂාව සිදුකර  තිබේ .

මේ අනුව එම සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් . පරීක්ෂණට ලක්කල බවත් ඉන් 18 දෙනෙක් ආසාධිතයන් බව හදුනාගත් බවත්  හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන්කළේය .

ඔවුන්ගේ  ආශ්‍රිතයන්ද  ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන තිබේ .

 



අදහස් (1)

එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්

Labour Thursday, 03 June 2021 11:44 AM

කාර්ය සාධන බලකායේ ලොක්කන් කීවේ කර්මාන්ත ශාලාවක් වැඩ කරනවා නම් ජෛව බුබුලක් යටතේ වැඩ කරන්න කියලා. එතකොට මේ බස් එක ගිහින් තියෙන්නේ ඔය කියන බුබුල ඇතුළේද?. අදාළ ආයතනය සේවකයින්ගේ ආරක්ෂාව සැලසුවද? කම්කරුවන් වෙනුවෙන් ගිරිය පුප්පන වාසු, විමල්, ආදී සමාජවාදී නායකයින් මේවා දකින්නේ නැද්ද? කම්කරු ඇමැති නම් සදාකාලික සුව නින්දේ... අඩුම තරමින් ජ.වි.පෙ. ටවත් මේවා ගැන හැඟීමක් නැද්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 207 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 101 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site