IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දියාවේ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවීමත් සමඟ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට මුම්බායි නගර බලධාරීහු පියවර ගෙන ඇත.

එම ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (8) වනවිට 1,078ක් ලෙස දැක්විණි.

‘‘සෑම පුද්ගලයකුම මුඛ ආවරණ පළඳින්න ඕනෑ. එය අනිවාර්ය’’ යැයි මුම්බායි නගර කොමසාරිස් ප්‍රවීන් පර්දේශී පැවැසීය. මුම්බායි නුවර යනු ඉන්දියාවේ වාණිජ අගනුවර වන අතර මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කළ ඉන්දියාවේ පළමු නගරයයි.

ඖෂධහල්වල තිබෙන සම්මත මුඛ ආවරණ නොමැති නම් නිවසේදී සාදා ගන්නා මුඛ ආවරණය පැළැඳිය හැකි යැයි ද මුම්බායි නගර කොමසාරිස්වරයා කීය.

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වැනි වගන්තිය යටතේ දඬුවම් කරන බව ද හෙතෙම කීය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව දින 21 කට රටම වසා දැමීය. ඒ අනුව රටම වසා දැමීමේ එම ‘ලොක්ඩවුන්’ සීමා අප්‍රේල් 14 වැනිදායින් අවසන් වීමට නියමිතය.

‘‘මුම්බායි නුවරින් වාර්තාවන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙනවා . අඟහරුවාදා රාත්‍රියෙන් වාර්තා වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 100ක් වාර්තා වුණා’’ යැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

හින්දුස්තාන් ටයිම්ස්’

055



අදහස් (1)

ඉන්දියාවේ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

බද්රානි Wednesday, 08 April 2020 06:24 PM

ලංකාවේ දොස්තරලා නම් කිව්වේ මුඛවාඩම් පැළදීමෙන් පලක් නොවන බවයි. සමහරවිට එයාලා මාධ්‍ය ඉදිරියට ඇවිත් ජනතාවට රසවත් කතා කියන අවස්ථාවලට සහභාගී වෙන අවස්තාවලදී මුඛවාඩම් හිගයක් ඇති වේ යයි ඔවුන් තුල පවතින බිය නිසා වන්නට ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site