IMG-LOGO

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පනී

ඇමරිකාවේ කොරෝනා ආශ්‍රිත මරණ 500,000 ඉක්මවීමත් සමග ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.
 
"අද දින අපි දරුණු, හද කම්පා කරවන සන්ධිස්ථානයක් සනිටුහන් කරමු. අද වනවිට මේ කුරිරු රෝගයෙන් ඇමෙරිකානුවන් 500,071ක් මිය ගොස් තිබේ. අද දිනය මතක තබා ගන්නැයි මම සියලු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලමි. අපට අහිමි වූවන් මතක තබා ගන්න. අප අතහැර ගිය අය මතක තබා ගන්න. ජාතියක් වශයෙන් මෙවන් කුරිරු ඉරණමකට ලක්වීම අනුමත කළ නොහැකියි. මේ ශෝකීවීම කෙසේ හෝ නැවැත්විය යුතුය. අපට අහිමි වූ මිනිසුන් අසාමාන්‍යයි. ඔවුන් පරම්පරා ගණනාවක් පුරා දිව යයි. ඔවුන් ඇමෙරිකාවේ උපත ලද හෝ ඇමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අවසන් හුස්ම ගත්තේ ඇමෙරිකාවේ පමණි." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
 
ඇමරිකාවේ ජනාධිපති, උප ජනාදිපති සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ධවල මන්දිරයෙන් පිටත ඉටිපන්දම් දැල්වූ අතර විනාඩියක නිෂ්ශබ්දතාවයේ සිටියහ.
 
රජයේ ගොඩනැගිලිවල සියලුම ධජ දින පහක් අඩකුඹු කර තබන ලෙස ජෝ බයිඩන් මහතා නියෝග කර තිබිණි. 
 
ධවල මන්දිරයේදී බයිඩන් මහතා කථාව ආරම්භ කළේ කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව පළමුවන ලෝක යුද්ධයේදී හෝ දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව සඳහන් කරමිනි.
 
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර එය මේ වනවිට මිලියන 28.1 ඉක්මවා තිබේ.
 
(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site