IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇඳිරිනීතිය ඉවත් කළත් මගීන්ට යන්න බස් නැහැ

අනීෂා මානගේ

ඇඳිරිනීතිය ඉවත් කළද මගී ප්‍රවාහන බස්රථ ඉතා සීමිත ප්‍රමාණයක් අද(28) දිනයේදී ධාවනය වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව සිටියහ.

පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලද විශාල අඩුවක් අද දිනයේදී දක්නට හැකිවිය.

අද පෙරවරු කාලයේ සිටම රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට මගී ජනතාව තංගල්ල සහ බෙලිඅත්ත නගරවලට පැමිණ තිබූ අතර ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් ඔවුහු අපහසුතාවට පත්ව සිටියහ.

බස් රථ නොමැති වීම හේතුවෙන් තංගල්ල නගරය වෙනත් දිනවලට සාපේක්ෂව පාළු ස්වභාවයක් ගෙන තිබිණ.

කොරෝනා ආසාදිත බවට හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් රොගීන් සිවු දෙනකු හඳුනාගැනීමත් සමඟ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයට වාර්තා කිරීමට බිය වීම හේතුවෙන් මෙලෙස මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමේ අඩුවක් සිදුව ඇතැයි අප කළ විමසීමේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවේ අධිකාරීවරයා කීය.

කෙසේ වුවද තංගල්ල බස් නැවතුම්පොළට බස් රථ පැමිණි විගස එයට ගොඩවීම සඳහා මගීන් ඒකරාශී වී සිටි ආකාරය දක්නට හැකිවිය.



අදහස් (3)

ඇඳිරිනීතිය ඉවත් කළත් මගීන්ට යන්න බස් නැහැ

Samitha Senaka Aluthgamage. Tuesday, 28 April 2020 07:54 AM

තත්වය මෙසේ උනත්, ලංගම ලොක්කන්ගේ උජාරු කතා නම් හරි ඉහලයි. වැඩිපුරම තියෙන්නේ බස් නොවෙයි හුඹස්. මේ රටේ බස් තියෙන්නේ සුළු ප්‍රමානයකුයි. මෙය ලංගම, පුද්ගලික යන දෙපාර්ශවයටම පොදුයි. මේ රටේ වැඩිපුරම තියෙන්නේ බස් බොඩි පමණක් සවිකල ඉන්දියානු ලොරියි. කන පැලෙන නලා හඬ, ඝෝෂාව දෙන එන්ජිම, ඉඩකඩ අඩු සීට්, කන්කරච්චලේ හැදෙන අධික ශබ්දය සහිත බාල ගොරහැඩි සංගීතය මේවායේ ඇත. මේවා නමට පමණක් බස්ය. ප්‍රවාහන බලධාරීන්ට මේ කිසිවක් පෙන්නේ නැත. ඇහෙන්නේද නැත.

:       14       135

ranasinghe Tuesday, 28 April 2020 08:06 AM

තීරන ගන්න රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී බොහො කල් ජීවත් වීමෙන් ඔවුන් ගන්න තීරන බොහෝ දුරට විහිලු සහගතය...

:       0       9

gamageTuesday, 28 April 2020 09:54 AM

එම බලධාරීන් එම තැන් වලට පත් කිරීමට චන්දය දුන් අපගේ තීරණය ඊටත් වඩා විහිළු සහගතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site