IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 11 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

.

 



අදහස් (5)

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

kamal pathirana Sunday, 12 April 2020 06:07 PM

මේ අය කොහේ අයද කියලා දැන් කියන්නේ නැත්තේ ඇයි?

:       144       367

kamalMonday, 13 April 2020 02:37 AM

මුස්ලිම් නම් විතරයි එහෙම කියන්නේ.

:       0       0

ranaMonday, 13 April 2020 07:18 AM

සිහල බෞද්ධ නිසා....

:       1       382

sam Monday, 13 April 2020 01:07 AM

ලෝකයේ වෙනත් රටවල කොරෝනා පැතිරීම හා සංසන්දනය කිරීමේදී ලංකාවේ තියෙන්නේ වෙනස්ම ආකාරයක් (පැටර්න් එකක්). දැනට බොහෝ රටවල පනවා ඇති නීතිවලට වඩා ඉතාම ඉහල නීතියක් ලෙස සැලකිය හැකි ඇඳිරි නීතිය පනවා, සති දෙකක් වෙද්දීත් රෝගය පැතිරීමේ වේගයේ විශේෂිත අඩුවක් හෝ වැඩියක් දකින්නට නැහැ. ඇඳිරි නීතියටත් වඩා ප්‍රතිඵල දෙන වෙනත් නීතියක් (යුද්ධ නීතිය මේකට යොදාගන වැඩක් නැහැ) නොමැති කල මේ ආකාරයට තව කොපමණ කලක් ඇඳිරි නීතිය පවත්වා ගත හැකිද කියන එකත්, එයින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එකත් දේශපාලන පාට කණ්ණාඩි තුළින් නොව සෞඛ්‍යමය හා මානුෂීය කෝණයකින් බැලිය යුතුයි. ඒ වාගේම දිනකට වෛරස් පරීක්ෂණ 250-300 පමණක් සිදුකර එයින් ලැබෙන ප්‍රතිඵල මත පුරෝකථනය කිරීමත්, වෛද්‍ය සංගම් එකිනෙකාට චෝදනා කරගනිමින්, එකිනෙකට විරුද්ධ මත සමාජගත කරමින්, තම පැවැත්ම තහවුරු කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා මිස, මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කර මේ ව්‍යවසනයෙන් ගැලවෙන මගක් මහජනතාවට ලබා නොදීමත් අපේ රටේ අවාසනාවක්...

:       0       0

Akila Monday, 13 April 2020 01:41 AM

දැන් තමයි රෝග ලක්ෂණ නැති අයට පවා අපේ රටේ පරීක්ෂණ කරන්න පටන් අරන් තියෙන්නේ, එ්ක හින්දා ඉදිරියේදී හඳුනාගන්න රෝගීන් ගණන ඉතා වැඩි වේවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site