(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව පොලිස්ථානයේ පොලිස් රියදුරුට කොරෝනා 19 වයිරසය අසාදනය වීඇති බවට තහවුරු වීමත් සමග එහි ආසාධිතයින් සංඛ්‍යාව 06 දක්වා වැඩිවී ඇතිබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ වයිරසය අසාදනය වීඇත්තේ ආරච්චිකට්ටුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස්රියදුරෙකුටය.
ඊට දින 03ට ඉහතදී ආරච්චිකට්ටුව පොලිස්ථානයේ උපපොලිස් පරීක්ෂක වරියක් ඇතුලු තවත් විවිධ පැමිණිලි අංශයේ පොලිස් පොලිස් නිළධාරීන් 05කට වයිරසය අසාදනය වී තිබූ අතර ඊට දින 03ට පසුව මෙම අසාධිතයා වාර්තා වී ඇත.
එම සියලු නිළධාරීන් ප්‍රතිකාර සඳහා ප්‍රතිකාරක මධ්‍යස්ථාන වෙත ඇතුලත් කර ඇතිඅතර පවුල්වල සියලු ආශ්‍රිතයින් සිය නිවෙස් වලදීම ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතිබව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද අප්පා මේ ? දැන් දවසකට 3000ක් විතරවත් පොසිටිව් වෙනකොට ඔහොම එක්කෙනා එක්කෙනා ගැන දාන්නේ...!!!