(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙණේ අධ්‍යාපනය හදාරණ තවත් සාමණේර හිමිවරුන් 14 නමකට කොරෝනා ආසාදිත වී ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවී අබේරත්න මහතා අද ( 17 ) පැවසිය.
වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන තුළ අධ්‍යාපනය හදාරණ සාමනේර හිමිවරුන් 18 දෙනෙකු මෙයට පෙර ආසාදිතව සිටි අතර ඉන් පසුව නැවත පසුගිය 10 දින ද මෙහි පරිවේනාධිපති වඩත්තේ සෝමානන්ද හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු නැවත ආසාදිතව තිබුණි.
නැවත ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය අද (17) කළ ඇන්ටිජන් පරික්ෂාවකදී මෙම 14 සාමණේර හිමිවරුන් ආසාදිත බවට සනාථ වී ඇති බව කියයි.
මේ අනුව වඩත්ත පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු හිමිවරුන් 45 දෙනෙකු ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .
වඩත්ත පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු හිමිවරුන් 70 කට ආසන්න පිරිසක් සමග ගිහි දරුවන් දස දෙනෙකුද නේවාසිකව රැදී සිටින අතර පිරිවෙන තුල පවතින අඩු පහසුකම් හමුවේ කොරෝනා පැතිරීම සිදුවන බව සෞඛ්‍ය අංශ කියයි.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආණමඩුව වඩත්ත පිරිවෙණේ තවත් හිමිවරුන් 14 කට කොරෝනා