(නිමන්ති රණසිංහ)
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක විදේශ යුවළකගේ රියැදුරු ලෙස සේවය කරමින් සිටියදී අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයකු වූ අශෝක සිරිවර්ධන යන අය ඝාතනය කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (06) කරුණු අනාවරණය කළේය.
පෑලියගොඩ ප‍්‍රදේශයේදී බල්ලකු මිනිස් හිස් කබලක් රැගෙන යනු බවට පොලීසියට ලද තොරතුරකට අනුව එම හිස් කබල සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, එහිදී අශෝක සිරිවර්ධන යන අයගේ පුත‍්‍රයාගේ ඞී එන් ඒ සාම්පල සමග හිස් කබලේ ඞී එන් ඒ සාම්පල සැසදීමක් සිදුකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව අදාළ හිස් කබල අතුරුදන් වූ බව කියන අශෝක සිරිවර්ධන යන අයගේ බවට හඳුනාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම කරුණු අනාවරණය වූයේ ගෝල්ෆෙස් කෝඞ් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකික රියැදුරකු වූ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (49) යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණ සාක්ෂි මෙහෙයවීම අද (06) අධිකරණය හමුවේ සිදුවූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෝල්ෆේස් කෝට් නිවාසයේ සේවය කළ පුද්ගලයා ඝාතනය කර ඇතැයි හෙළිවෙයි