IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


හොරකම් හෙළි කර මැරයන් අතින් අවසන් ගමන් ගිය චන්දන් ටිවාරි

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 16

අත්අඩංගුවට පත් චූදිතයන්

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. දේශපාලනික වශයෙන් සිදුකරන සාපරාධී අපරාධවලට එරෙහිව අරගල කළ චන්දන් ටිවාරිද එවැනි මානුෂවාදී මාධ්‍යවේදියෙකි.


ග්‍රාමීය සංවර්ධනය සඳහා අරමුදල් රැස් කිරීමට ඉන්දීය රජය විසින් ගෙන යන වැඩසටහන්වලදී පෞද්ගලික කොන්ත්‍රාත්තුකරුවකු ලෙස කටයුතු කරමින් මූල්‍යමය අක්‍රමිකතා රැසක් සිදුකළ පින්තු සිං සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව හේතුවෙන් ඔහු ජාකන්ද් චත්‍රා දිස්ත්‍රික්කයේදී මරණයට පත්වූ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා මිය ගිය ඔහුගේ තුවාල කැළැල් සහිත සිරුර හමුවූයේද කැලෑවක් තුළ තිබියදීය. 


මේ අනුව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (ඵ්දසිඑ) විසින් ඝාතනය කරන ලදැයි සැක කෙරෙන වාර්තාකරුවෙකු ලෙස සැලැකෙන මෙම අපක්ෂපාතී මාධ්‍යවේදියා, 2018 වසරේ අප්‍රේල් මස 02 වැනිදා හින්දු දිනපතා පුවත්පතක් වන ‘අජ්’ හරහා මෙම අනාවරණය පළමුව සිදුකළ අතර, කෙසේ නමුත් මෙහි විමතිය දනවන කරුණ වන්නේ මේ අතුරින් පින්තු සිං පමණක් තවමත් නිදැල්ලේ පසුවීමයි. 


මේ සම්බන්ධයෙන් හින්දු දිනපතා පුවත්පතක් වන ‘අජ්’ හි කර්තෘ අමිත් කුමාර් අගර්වල් පැවසුවේ මෙම හෙළිදරව් කිරීමෙන් දින හතරකට පෙර ටිවාරි විසින් පොලීසියට පවා පැමිණිල්ලක් කළ නමුත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය අවධානය යොමු නොකළ බවකි. නමුත් මෙම හෙළිදරව් කිරීමෙන් අනතුරුව එල්ල විය හැකි මරණ තර්ජන සලකා බලා ඔහු මෙම පැමිණිල්ල ගොනුකළ බව පවසන කර්තෘවරයා, ඉන්දියාවේ භෘඔඪ පුවත් සේවයට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ එහි පිටපතක් තවමත් ටිවාරිගේ ෆේස්බුක් ගිණුමේ ඇති නමුදු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් පොලීසිය නොගත් බවයි.  


ඒ වෙනුවට මෙම ඝාතනයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලීසිය, පසුගිය වසරේ දෙසැම්බර් මස ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ බලය හිමි නැගෙනහිර ඉන්දියාවේ ආඥාපති  ප්‍රසාන්ත්, ජමුනා ප්‍රසාද්, මුසෆිර් රනා පමණක් අත්අඩංගුවට  ගත් අතර ඒ පින්තු සිං යනු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ගෙන යන අපරාධ ජාලයේ ප්‍රබල කොටස්කරුවකු බව දැන දැනමය.

 

 


එකල මෙම ඝාතනය සම්බන්ධයෙන් චත්‍රා පොලිස් අධ්‍යක්ෂ අකිලීෂ් බී. වරියර් මහතා පැවසුවේද ටිවාරි විසින් සිදුකළ මෙම හෙළිදරව්ව, සිංගේ මූල්‍ය කටයුතු අඩාළ කිරීමට බලපෑ බැවින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවකි. එබැවින් තවමත් සිංට විරුද්ධව කිසිදු චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පොලීසිය අසමත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පවා ටිකෙන් ටික පොලිස් අධ්‍යක්ෂවරයා මැළි වූයේ මාධ්‍යයෙන්ද වසන් වෙමිනි.


රූපවාහිනි ජනමාධ්‍යවේදියෙකු වන ආචුටනන්දා සහුගෙන්ගෙන් අනතුරුව එදිනම මෙසේ ඝාතනයට ලක් වූ දෙවැනි මාධ්‍යවේදියාද ටිවාරි වන අතර සහුගේ ඝාතනයද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ පහරදීමකින් සිදුවූවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේ අනුව 1992 වසරේ සිට පළිගැනීම් හේතුවෙන් ඉන්දියාව තුළ ඝාතනයට ලක්ව ඇති සමස්ත මාධ්‍යවේදීන් සංඛ්‍යාව 34ක් වන අතර ඔවුන් කිසිවකු සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉෂ්ට නොවීමද කැපී පෙනේ.


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

හොරකම් හෙළි කර මැරයන් අතින් අවසන් ගමන් ගිය චන්දන් ටිවාරි

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 423 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1344 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site