IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සජිත්ගේ තීන්දුව

 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මීට පෙර ආරංචි පැතිර ගියේ බොහෝ දුරට මේ සති අන්තයේ සෙනසුරාදා හෝ ලබන සඳුදා හෝ එම නිවේදනය නිකුත් කරනු ඇති බවටය. එහෙත් මැතිවරණ කොමිසම ඉකුත් අඟහරුවාදා හදිසියේ රැස්වී විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ ජනාධිපතිවරණයේ ඡන්ද විමසන දිනය, නාමයෝජනා භාර ගන්නා දිනය සහ ඇප මුදල් භාරගන්නා දිනය ආදී වශයෙන් දින තීන්දු කිරීමටය.
 
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ පොදු එකඟතාවයෙන් ඡන්ද විමසීම නොවැම්බර් මාසයේ 16 වැනිදා පැවැත්වීමට එහිදී තීන්දු විය. ජනාධිපතිවරණය හැකි තරම් ළඟම දිනයකදී පවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබුණේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් මහලේකම් දයාසිරි ජයසේකර ද මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කළේය.
 
එම ලිපියෙන් ඉල්ලා තිබුණේ ජනාධිපති මැතිවරණය හැකි තරම් දුරම දිනයේදී පවත්වන ලෙසය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ ඉල්ලීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානයක් යොමුවී තිබිණ. දුරම දිනය වන දෙසැම්බර් 7දා වැනි දින මැතිවරණය පැවැත්වීමට කොමිසම මුල සිටම අකමැත්ත ප්‍රකාශ කර තිබිණ. ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එම මස දෙවැනිදා සිට ආරම්භ වන බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් කිසිසේත් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නොහැකි හෙයින් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට දින තුනහතරකට පෙර එනම් නොවැම්බර් මස අවසන් දිනවල ඡන්ද විමසීම පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසම උනන්දුවක් දැක්වීය. කෙසේ වෙතත් කුමන හෝ දේශපාලන කරුණු කාරණාවක් හේතුවෙන් මැතිවරණ කොමිසම දින වකවානු වෙනස් කර ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලූ ළඟම දිනයවත් ශ්‍රීලනිප ඉල්ලූ දුරම දිනයවත් ලැබුණේ නැත. අවසානයේ මැදි දිනයක් ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත් කිරීමට කොමිසම තීන්දු ගත්තේය.
 
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එනම් මේ වනවිට මැතිවරණ කොමිසමට විශාල බලයක් පැවරී තිබේ. මැතිවරණ නීති රීති උල්ලංගනය කිරීම්වලට හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයටත් අපේක්‍ෂකයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමටත් එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට හැකියාවක් ලැබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර තිබුණේ විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් පරෙස්සම් විය යුතු බවය. බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉකුත්දා කොළඹට කැඳවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැඩි ලෙස අවවාද කළේය. ඔහු රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්ද කළේය. “මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඔබලාගේ සහාය අවශ්‍යයි. විශේෂයෙන් දේශපාලනඥයන්ගේ වාචික නියෝග ක්‍රියාත්මක කිරීමේදී පරෙස්සම් වන්න. මැතිවරණ කාලයේදී අපේක්‍ෂකයන් හෝ දේශපාලන පක්‍ෂ හෝ ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතුවලට හවුල්  වෙන්න එපා. ආධාර අනුබල දෙන්න එපා”යැයි මහින්ද දේශප්‍රිය රාජ්‍ය නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

එපමණකින් නොනැවතුණ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතීත උදාහරණ ද ගෙනහැර  පෑවේය. මැතිවරණ සමයේදී දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස් රජයේ ඉහළම නිලධාරීන් කීපදෙනෙකු අමාරුවේ වැටුණු අයුරු ද දේශප්‍රිය රාජ්‍ය නිලධාරීන්ට මතක් කර දුන්නේය. මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා වන එම දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී අනෙකුත් පළාත්වල ද පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක අර්බුදය නූල් බෝලයක ආකාරයට පැටලවී ඇතැයි එම පක්‍ෂයේ ඉහළපෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීම කෙරෙහි තවමත්  එකඟතාවයකට එළැඹී නැතැයි වාර්තාවේ. ආරංචි මාර්ග සඳහන් කරනුයේ බොහෝ විට ජනාධිපති අපේක්‍ෂකත්වය කතානායක කරු ජයසූරියට හිමිවනු ඇති බවය.
කතානායකවරයාගේ ඉල්ලීම පරිදි මීරිගම ප්‍රදේශයේ අලුත් පාසලක් ඉදිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි. එහි මුල්ගල් තැබීමට අද යොදා තිබීමත් එම පාසල කතානායකවරයාගේ ඉල්ලීමක් බවත් ප්‍රකාශයට පත් කිරීමේ, කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් තමා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීම ආදී පූර්ව තොරතුරු අනාවරණය වීම ආදී හේතූන් අනුව කරු ජයසූරිය එජාප ජනාධිපති අපේක්‍ෂකයා වන බවට ඉඟි පළවී තිබේ.

 මේ අතර තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් ප්‍රකාශ වූයේ සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුණහොත් ඔහු එජාපයේ කොටසක් ගලවාගෙන ගොස් වෙනත් දේශපාලන පක්‍ෂයකින් මැතිවරණයට තරග කිරීමේ සූදානමක් පවතින බවය. එසේ වුවහොත් එජාපයේ රනිල් විරෝධී මැති
මැතිවරුන්, එජාප පොදු සන්ධානයේ සිටින සුළු දේශපාලන පක්‍ෂවල කොටස් සහ ඇතැම්විට ශ්‍රීලනිප පාර්ශ්වය ද සජිත් සමඟ එක්වීමට ඉඩක් ඇතැයිද පැවසේ. කෙසේ වෙතත් මේ සියලු කරුණු කාරණා තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ඒවායේ අවසන් තීන්දු තීරණ ඉදිරි දින කීපයේදී දැකබලා ගත හැකිවනු ඇතැයි පැවසේ.

 ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සිව්කොන් සටනක් බවට පත්වනු  ඇතැයි පැවසේ. ඒ අනුව එජාප අපේක්‍ෂකයා, පොහොට්ටු අපේක්‍ෂකයා, ජවිපෙ අපේක්‍ෂකයා සහ සජිත් ප්‍රේමදාස එම සිව්කොන් සටනට එක්වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

 ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඇමැති මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිල නිවසහි රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. ඒ සඳහා ආරාධනා ලැබ සිටියේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක්ය. 2015 ජනාධිපතිවරණ සමයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිටපු සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට එම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කිරීමට විශේෂ හේතුවක් තිබිණ. ඔවුන් සහාය පළ කරන්නේ කරු ජයසූරියටය. මංගලට අවශ්‍ය වී තිබුණේ කරුණු පැහැදිලි කර සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සහාය සජිත් ප්‍රේමදාසට ලබාගැනීමය. සමන් රත්නප්‍රිය, සරත් විජේසූරිය ඇතුළු පිරිසක් මංගලගේ නිවසට පැමිණ සිටියහ. රාත්‍රි භෝජන සංග්‍රහය අතරේ බි්‍රටෝ ප්‍රනාන්දු සජිත්ගෙන් ප්‍රශ්න කීපයක් විමසුවේය. එහිදී බි්‍රටෝ ප්‍රනාන්දු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සජිත්ගේ මතය විමසීය. සජිත් කීවේ රටට විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බවය. මරණ දඬුවමටද තමා පක්‍ෂ යැයි සජිත් ප්‍රේමදාස තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය. ප්‍රති ත්‍රස්ත පනත ගැනත් 88 සහ 89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම ගැනත් බි්‍රටෝ ප්‍රනාන්දු සජිගෙන් ප්‍රශ්න කළේය. බි්‍රටෝ කීවේ 8889 කාලයේ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමක් සිදුවෙමින් තිබූ නමුත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ කාලයේ එය නතර වී ඇති බවය. සුහද ලෙස සිදු වූ සාකච්ඡාවේදී සජිත් ඍජුව පිළිතුරු දුන්නද සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සතුටට එය හේතුවක් වූයේ නැත. සිවිල් ක්‍රියාකාරිකයන්ගේ මතවාදයට සම්පූර්ණයෙන් විරෝධි අදහස් සජිත්ගෙන් ප්‍රකාශ වූයේය. මධ්‍යම රාත්‍රිය පමණ වනවිට සුහද සාකච්ඡාව නිම වුවද දෙපාර්ශවයට එකඟතාවයකට පත්වීමට හැකියාවක් ලැබුණේ නැත.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විය. එහිදී විශේෂ අවධානය යොමු වූයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහිය. අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ගැන උනන්දුවෙන් අදහස් පළ කළේය. “නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මෙතරම් කලක් ගත කළේ ඇයිදැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අගමැතිගෙන් ප්‍රශ්න කළහ. මේ අතර ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ මුස්ලිම් මැති ඇමැතිවරු පිරිසක්ද කොළඹදී රැස්වූහ. අඟහරුවාදා ඔවුන් රැස්වූයේ ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ නිවසටය. එහිදී මුස්ලිම් ජනතාව පත්ව ඇති තත්ත්වය ගැනත් ඒවාට ආණ්ඩුව මගින් අවශ්‍ය කටයුතු කිරීමටත් එහිදී මුස්ලිම් මැති ඇමැතිවරු සාකච්ඡා කළහ.
“පස්කු දා ප්‍රහාරයෙන් පස්සේ අහිංසක මුස්ලිම් ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුව තිබෙනවා. මේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ” ආදී වශයෙන් මුස්ලිම් මැති ඇමැතිවරු අදහස් සහ යෝජනා හුවමාරු කර ගත්හ. කබීර් හෂීම් සහ මොහොමඞ් හලීම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු සියලු දෙනාම එම සාකච්ඡාවට එක්වූහ.

මැතකදී රටේ බොහෝ අවධානයක් දිනාගත් නාමල් රාජපක්‍ෂගේ විවාහ මංගල්‍ය උත්සවයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද සහභාගී වී සිටියේය. හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ පැමීණීම කාගේත් අවධානයට යොමුවී තිබිණ. හේමසිරි ප්‍රනාන්දු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග දීර්ඝ කාලයක සිට සබඳතා පැවැත්වූ නිලධාරියෙකි. එහිදී හේමසිරිගේ හිතවතුන් පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළ සිදුවීම් ගැන ඔහුගෙන් විමසා සිටියේය.

“මොකද හේමා ඔයා ඔය ආරක්‍ෂක ලේකම්කමක් ගන්න ගියේ” යැයි මහින්ද රාජපක්‍ෂ ඇසුවේය.
“ඉතින් සර් දින පනස්දෙකේ ආණ්ඩුවේ අගමැතිකමකුත් ගත්තානේ” යැයි හේමසිරි ප්‍රනාන්දු විහිළුවක් කළේය. “ඒක තමයි ඉතිං” යැයි කියමින් මහින්ද කතාව වෙනස් කළේය. මේ අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම හේමසිරිගෙන් සිදුවීම ගැන විමසුවේය. අර බුද්ධි වාර්තා අනූහතක් යවලත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතැයි කියන කතාව මොකක්දැයි මන්ත්‍රීවරයෙක් ඇසුවේය.

“මම ආරක්‍ෂක ලේකම් ධුරයේ සිටියේ මාස පහයි දින විසිපහයි. මේ කාලේ වාර්තා 11 යි ලැබුණේ. ඒ කිසිම එකක සහරානයෙක් ගැන සඳහනක් තිබුණේ නැහැ. ඒ වාර්තා ටික පොලිස්පතිවරයාට යැව්වා. මට කලින් හිටපු ආරක්‍ෂක ලේකම්වරුන්ට එවපු වාර්තාත් මගේ එකවුන්ට් එකට දාන්න හදනවා” යැයි හේමසිරි කීවේය.
ඉකුත් අඟරුවාදා සවස ප්‍රසන්නට බැසිල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ වනවිට පසුදින රාත්‍රියේ ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බව තහවුරු වී තිබුණි. යාපනයේ තත්ත්වය කෙසේදැයි විමසූ බැසිල් ප්‍රසන්නගෙන් ඉල්ලා සිටියේ වහාම කොළඹ එන ලෙසය. ඒ අනුව 17 වැනිදා සවස ප්‍රසන්න කොළඹ පැමිණියේ ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සඳහා සහභාගි වීමේ අරමුණ ඇතිවය.

18 වැනිදා සවස මහින්දගේ නිල නිවසට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් පිරිසක් එක්ව සිටියහ. ඩලස්, කෙහෙළිය, උදය, අනුර ඇතුළු පිරිසක් සහ නීතිඥයන් පිරිසක් පැමිණ සිටියේ මහින්ද ප්‍රමුඛ කණ්ඩායමට එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම අසත්‍ය චෝදනාවලට එරෙහිව දැඩි පියවර ගත යුතු බවය.

දිගින් දිගටම අපිට මඩ ගහනවා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගෙන මඩ ගහන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපට තියෙන ජනප්‍රසාදය නැති කරන එකයි අනුර යාපා පෙන්වා දුන්නේය.
පහුගිය කාලයේ එක එක අසත්‍ය චෝදනා එල්ල කළා. එන්න එන්නම චෝදනා එල්ල කිරීම වැඩිවෙලා තියෙනවා උදය කීවේය.

මිනිස්සු දන්නවා ඔය චෝදනා සේරම දේශපාලන උපක්‍රම කියලා. ඡන්දයක් කිට්ටු වෙනකොට ඔහොම තමයි. මහින්ද කීවේ සැහැල්ලුවෙනි.

ඒ වුණාට අපි මේවට එරෙහිව පියවර ගන්න ඕනේ. 2015 ජනාධිපතිවරණයේදී අපේ පසුබෑමට ලොකු හේතුවක් වුණේ මේ චෝදනාවලට අපි පිළිතුරු නොදුන් එකයි. මිනිස්සු හිතුවා ඒවා ඇත්ත කියලා. මම කියන්නේ මේවට නීත්‍යනුකූල පියවර ගන්න ඕනේ කියලයි ඩලස් දැඩිව කියා සිටියේය.
 
“ඒ කතාව ඇත්ත. අපි පියවර නොගෙන හිටියොත් මේවා තවත් වැඩිවෙනවා. ඒ නිසා වහාම මේවට ඇක්ෂන් ගන්න ඕනේ” අනුර පැවසීය.

ඒ අනුව නෙළුම් කුලුන සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු චෝදනාවලට එරෙහිව එන්තරවාසි යැවීම ලලිත් පියුම් පෙරේරාට පැවරුණු අතර ඒ මීට පෙර එල්ල කෙරුණු චෝදනාවලට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමටත් මෙහිදී තින්දු කෙරිණි.

කස්තුරි

 



අදහස් (7)

සජිත්ගේ තීන්දුව

සමන් ඔස්ට්‍රලියා Friday, 20 September 2019 04:58 AM

සල්ලි වියදම් කරන ක්‍රම මිසක් රටට සල්ලි ගෙනෙන ක්‍රමයක් පොතේ නැහැ.

:       12       139

max Friday, 20 September 2019 08:11 AM

රටට විරුද්ධ NGO බලවේගවල අදහස් වලට යට නොවී කෙලින් කතා කිරීම පිලිබඳ සජිත් ප්‍රේමදාස මහතාට අපගේ කෘතඥතාව. ඉතාමත් අගෙයි.

:       590       357

ranaSunday, 22 September 2019 04:04 AM

ඔයා ආධාර ලබන්නේ හොහෙන්ද කියල බලා අදහස් ලියන්න?

:       0       43

එල්පීTuesday, 24 September 2019 04:10 AM

රටට ජාතියට හිතවාදී සංවිධාන වලට හිමිවියයුතු නම් ටිකහොරකම් කරගෙන තමන්ගේ දේශද්‍රෝහී සංවිධානවලට දාගෙන තියෙන්නේ ජනතාව මුලා කිරීමටයි. කොහොම උනත් සජිත් කෙලින් උත්තර දුන්නානම් මමත් ඒක අගය කරනවා.

:       24       44

ආන්ජලෝ නුගාරා Saturday, 21 September 2019 07:15 AM

ජනපතිත්, අගමැතිත් මේ කාලයේ දරුණු විදියට නරක ආදර්ශ සපයමින් පවතී. මේ දෙදෙනාගේම බලය පිරිහිලා දෙශපාලන අධිකාරිය අවුල්. මෙය රටකට හොඳදෙයක් නොවේ. විශේෂයෙන් ජනතාවත් දෙශපාලකයන් කෙරෙහි කලකිරී සිටින මොහොතක නරක දෙයක් සිදුවිය හැකියි. උදාහරණ ලෙස මේ වගේ තත්වයක් පකිස්ථාන‍යේ වගේ වුණා නම් නේද?

:       0       41

පුරවැසියා Saturday, 21 September 2019 11:09 PM

සජිත්ගේ තීන්දුව විය යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා සමග ගමින් ගමට ගොස් ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිමය. කවුරු මොනවා කෙසේ කිවත් එය කළ හැක්කේත් ඔබටම පමණි.

:       0       20

vipula Thursday, 26 September 2019 07:30 AM

මෙතන සජිත් සජිත් කිව්වට එදාට අගමැති නැවත ඉන්න කෙනාමනේ. ඒ ටික තාම තේරෙන්නේ නැහැනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 113 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 986 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site