සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව 17 වැනි වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.
මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ අත්පත් කරගෙන ඇති පරමාධිපත්‍යය හා විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වන බව එම සමාගම කියයි.
මෙම අවස්ථාව පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකීය ජනතාව විසින් පිරිනමන ලද මෙම සම්මානය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. පාරිභෝගික හදවත්වල අප සන්නාමය කෙරෙහි පවතින විශ්වාසනීයත්වයට මෙම සම්මානය හොඳම උදාහරණයක්. විවිධ කාණ්ඩවලින් භාණ්ඩ හා සේවා සැපයීමෙන් පාරිභෝගික ජීවන රටාව තවදුරටත් උසස් තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි”
“අපගේ පාරිභෝගිකයන් සිංගර් සන්නාමය කෙරෙහි දක්වන ලද විශ්වාසය හා පක්ෂපාතීත්වය මෙම ජයග්‍රහණයේ රහසයි. ඒ වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතියි පළකර සිටිනවා. SLIM-KANTAR සම්මාන උළෙලේ 17 වැනි වරටත් “වසරේ ජනතාව සන්නාමය” බවට පත්වීම අපට විශාල ගෞරවයක් හා අභිමානයක්. එසේම දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි අපගේ සන්නාමය පාරිභෝගිකයන් වෙත රැගෙනයෑමට කටයුතු කරන අපගේ සිංගර් කණ්ඩායමේ කැපවීමට මෙම සම්මානය හොඳම සාක්ෂියයි. ආර්ථිකය යහපත් මෙන්ම අයහපත් කාලවලදී පවා සිංගර් සන්නාමය පාරිභෝගිකයන් සමඟ ඉදිරියටත් නිරතුරුව රැඳිසිටිනවා.” සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවැසීය.
එසේම මෙම සම්මාන උළෙලේදී 17 වැනි වරටත් ”වසරේ කල්පවතින පාරිභෝගික සන්නාමය” දිනාගැනීමට ද සිංගර් ශ්‍රී ලංකා සමත් විය.
595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය” ලබයි