මහජන බැංකුවේ ‘People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ අවසන් මහා දිනුම් ඇදීමේ රුපියල් කෝටියක් හිමි සුපිරි ජයග්‍රාහකයා වූ දෙහිවල පදිංචි එම්.ඒ. සුරංජන පෙරේරා මහතාට හිමි චෙක්පත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් අතින් ඔහු වෙත පිරිනැමීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා සිදු කෙරිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, සහකාර සාමාන්‍යාධිකාරිණී (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියන ගුණවර්ධන, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා යන මහත්ම මහත්මීන් සහ බැංකු නිලධාරින් එක් වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, Pepole's Remittance වාසි කෝටියයි’ දිනුම් ඇදීම 2022 මහජන බැංකුව ආරම්භ කරන ලදී. මේ වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරා ගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් සහ මාසික ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනය බැගින් පිරිනැමිණි. මීට අමතරව සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයන් 48 දෙනකුට කැරට් 22 රන් කාසි ද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දිනපතා ජයග්‍රාහකයන් 334 දෙනකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමිණි.
මේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින් මහජන බැංකු People's Remittance වාසි කෝටියයි 2023’ ද දියත් කර ඇති අතර, මෙහි අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් කෝටියක් (රු.10,000,000ක්) පිරිනැමේ. එමෙන්ම දෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 3ක් සහ තෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 2ක් ලබාදෙයි. මීට අමතරව මාසික ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් බැගින් සහ සතිපතා ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
595
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්‍රාහකයාට කෝටියක් පිරිනැමේ