
(විනීතා එම් ගමගේ)
පොල්වගා භුමිවල යටි වගාවක් ලෙස තේ වගා කිරීමෙන් ආදායම සියයට 60 කින් පමණ ඉහළ නංවා ගත හැකි බව හෙලි වී ඇතැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිතබෝග වගා හා කර්මාන්ත ශාලා නවීකරන්‍ය හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිටත් පොල්වතු දෙකක ආදර්ශ වගාවන් පවත්වාගෙන යන බව ද හේරත් මහතා සඳහන් කළේය.
එකී ආදර්ශ වගාවෙන් හෙළිවී ඇති පරිදි පොල් අක්කරයක තේ පැළ 3000 ක් පමණ සිටුවිය හැකි බවත්, ඒ අනුව වාර්ෂික ආදායම සියයට 60කින් ඉහළනංවා ගත හැකි බව හෙළිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
තෝරාගත් වගාකරැවන් පිරිසකට මෙසේ පොල් වතුවට යටි වගාව ලෙස තේ වගා කිරීමට ආධාර ලබා දීමට පියවර ගත් බවත් විශේෂයෙන් මෙහි දී වාරි පද්ධති සදහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයෙන බවද ඔහු සඳහන් කළේය.
ඒඅනුව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර , දැරණියගල, ඇතුළු බහුලව තේ හා පොල් වගා කරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අවුරුදු 20 ක් 30ක් පරණ ප්‍රවෘත්තියක්නේ.
අවුරුදු 10කට පස්සේ මේ පොල්වතුවල... පොල්/ කුරුම්බා වල තේ රසයක් දැනෙන්න ගනියි.