
(විනීතා එම් ගමගේ)
පොල්වගා භුමිවල යටි වගාවක් ලෙස තේ වගා කිරීමෙන් ආදායම සියයට 60 කින් පමණ ඉහළ නංවා ගත හැකි බව හෙලි වී ඇතැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිතබෝග වගා හා කර්මාන්ත ශාලා නවීකරන්‍ය හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිටත් පොල්වතු දෙකක ආදර්ශ වගාවන් පවත්වාගෙන යන බව ද හේරත් මහතා සඳහන් කළේය.
එකී ආදර්ශ වගාවෙන් හෙළිවී ඇති පරිදි පොල් අක්කරයක තේ පැළ 3000 ක් පමණ සිටුවිය හැකි බවත්, ඒ අනුව වාර්ෂික ආදායම සියයට 60කින් ඉහළනංවා ගත හැකි බව හෙළිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
තෝරාගත් වගාකරැවන් පිරිසකට මෙසේ පොල් වතුවට යටි වගාව ලෙස තේ වගා කිරීමට ආධාර ලබා දීමට පියවර ගත් බවත් විශේෂයෙන් මෙහි දී වාරි පද්ධති සදහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයෙන බවද ඔහු සඳහන් කළේය.
ඒඅනුව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර , දැරණියගල, ඇතුළු බහුලව තේ හා පොල් වගා කරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල්වගා භුමිවල තේ වගා කිරීමෙන් වැඩි ආදායමක්
එරා Monday, 30 November 2020 02:27 AM
මේක අවුරුදු 20 ක් 30ක් පරණ ප්‍රවෘත්තියක්නේ.
suranga Tuesday, 01 December 2020 07:31 AM
අවුරුදු 10කට පස්සේ මේ පොල්වතුවල... පොල්/ කුරුම්බා වල තේ රසයක් දැනෙන්න ගනියි.