IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොමර්ෂල් බැංකු සමූහයේ තිරසාර වර්ධනයක්

කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග


කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක්‍රියාත්මක කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතා රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් සියයට 26.02 කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2.5කට ළඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම සියයට 71.31 කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම සියයට 67.44 කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.    

කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් සියයට 13.81 කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12ක කාලය තුළ දී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළ දී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පෞද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළ දී රුපියලේ අවප්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් සියයට  34.30 කින් වර්ධනය වී තිබේ.      

මෙම මූල්‍ය වසර තුළ දී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් සියයට 186.10 කින් ඉහළ යාමකි. 2021 වසරේ දී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 5.47 කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේ දී සියයට  24.90 කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් සියයට 45.98 කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.        

බැංකු සමූහයේ මූල්‍ය වාර්තාවලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙනවා. මේ තුළ ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාව සහ බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේ දී ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛ කාර්ය භාරයක්. අරමුදල්වල පිරිවැය වැඩිවීම වළක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූවා.  

සලකා බලන වසරේ දී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 22.34 කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළ දී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය සියයට 26.73 කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී සියයට 68.43 කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.

මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 25.65 ක පහළ යාමකි. සලකා බලන වසරේ දී ශුද්ධ ලාභය සියයට 0.45 කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය සියයට 69.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේ දී බදුවලට පෙර ලාභය සියයට 29.38 කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදුවලට පසු ලාභය සියයට 2.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව බදුවලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.      

මේ අතර, බැංකුවේ අනිකුත් ප්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේ දී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම සියයට 18.99 කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේ දී රුපියල් 138.08 ක් විය. 

මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය පිළිවෙළින් සියයට 11.389 ක් සහ සියයට 14.657 ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වන සියයට 10 සහ සියයට 14 ප්‍රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළ දී බැංකුවේ පොලී අන්තරය සියයට 3.74 කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේ දී සියයට 3.51 ක් විය. මෙම වසර තුළ දී බැංකුවේ වත්කම් සඳහා ප්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය සියයට 1.03 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය සියයට 12.46 ක්වී ඇත. 



අදහස් (0)

කොමර්ෂල් බැංකු සමූහයේ තිරසාර වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 19 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 14 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 10 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 15 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 7 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 8 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1269 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site