IMG-LOGO

ආයෝජන මණ්ඩලයට ඉහළ පෙළේ සම්මානයක්

ඩුබායි හි අර්මානි හෝටලයේදී පසුගියදා පැවැත්වුණු වාර්ෂික ආයෝජන සමුළුවේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රිදී සම්මානය දිනාගන්නට සමත් විය. දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ දෙවැනි හොඳම ක්‍රියාකාරී ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර විය.

 වාර්ෂික ආයෝජන සමුළුව යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩසටහනකි. ගෝලීය වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා තිරසාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති, උපායමාර්ග සහ භාවිතයන්, පවතින ප්‍රධාන මූලධර්ම මත ගෝලීය හුවමාරුව සඳහා රාමුවක් සැකසීම මෙමගින් සිදු වේ. ඒ අනුව ලොව පුරා ඇති හොඳම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතන හඳුනා ගැනීම මෙම ආයෝජන සමුළුව සිදුකරයි.

වාර්ෂික ආයෝජන සමුළුව සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.

වාර්ෂික ආයෝජන සමුළුවෙහි සම්මාන ප්‍රදානයේ මූලික ඉලක්කය වන්නේ තම රට සඳහා සැලකිය යුතු සහ ප්‍රයෝජනවත් ආයෝජන ව්‍යාපෘති ආකර්ෂණය කර ගැනීම සඳහා දක්වන ලද කැපවීම හා එම රටේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය ග්‍රහණය කර ගැනීමයි.

මෙවර සම්මානය සඳහා ගෝලීය කලාප නවයම ආවරණය වන පරිදි ඒ ඒ රටවල රාජ්‍ය ආයෝජකයින් සහ ආයතන 15,000ක් පමණ සහභාගි විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වසර 40කට වැඩි සක්‍රීය දායකත්වයක් මෙරට ආර්ථිකයට දක්වා ඇත. මේ යටතේ ආයෝජන ව්‍යාපෘති 1700කට වැඩි ගණනක් මෙහෙයවයි. රටේ මුළු කාර්මික අපනයන ආදායමෙන් සියයට 80ක් පමණ හිමිවන්නේ මෙම ව්‍යාපෘති තුළිනි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ආයෝජන මණ්ඩලයට ඉහළ පෙළේ සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site