![]() |
| කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර |
දිට්වා සුළි කුණාටුව වැනි දරුණු ස්වාභාවික ආපදාවකට මුහුණ දුන්නද, පැවැති තත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ සහතිකකරණ ආයතනයක් (Certification Body) ලෙස ප්‍රතිතනය (Accredited) වීමෙන් පසුව පළමු වරට පවත්වනු ලැබූ සහතිකලත් ඵලදායිතා විශේෂඥ (Certified Productivity Specialist) සහතික ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරිය, අපනයනකරුවන් 550 දෙනෙක් පමණ මෙම ආපදාවෙන් සෘජුවම බලපෑමට ලක්ව තිබුණද ඉතා ඉක්මනින්ම එම තත්වය යථාවත් කර ඇමරිකානු ඩොලර් බිලියන 18 ක් වන මෙම වසරේ අපනයන ඉලක්කය සපුරා ගැනීමට රජයට හැකිවන බව පෙන්වා දුන්නාය.
“දැනට ඩොලර් බිලියන 98.94 ක් වන ශ්‍රී ලංකා ආර්ථිකය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300 ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර අවසන්.“ ඇය මෙහිදී සඳහන් කර කළාය.
2025 දෙසැම්බර් මස 30
155
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
776
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිට්වා බලපෑවත් ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් ළඟා කර ගත හැකියි