SLT – මොබිටෙල් හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT – ඩිජිටල් සර්විසස් ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම් නිර්මාණය එහි මූලික අරමුණ වී තිබේ.
මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට තම ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් පූර්ණ වශයෙන් කළමනාකරණය කරගැනීමට මහෝපකාරී වනු ඇත. ඩිජිටල් අවකාශ තුළ සන්නාම ජනප්‍රිය කරවීම සඳහා දත්ත මත පදනම් වූ ක්‍රමවේද අනුගමනය කිරීමට මගපෙන්වීම මෙහි මූලික අරමුණයි. මෙහිදී දේශීය දැනුම සහ ගෝලීය ප්‍රමිතී භාවිතා කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර අවකාශ ජයගැනීමටත්, තම පාරිභෝගිකයන්ට දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීමටත් ව්‍යාපාරවලට හැකි වනු ඇත.
“අද දවසේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දියුණුව කරා යාමේදී ව්‍යාපාරවලට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවනවා. SLT-DIGITAL සහ Surge Global අතර මෙම හවුල්කාරීත්වය ඇතිකරගනු ලැබුවේ, ඩිජිටල් යුගය තුළ මහා පරිමාණ සමාගම්වලට නවීනතම ව්‍යාපාරික විසඳුම් සැපයීමේ අරමුණ පෙරදැරිවයි. මෙම පාරිභෝගිකයන්ගේ ඩිජිටල් පරිවර්තනය බලගන්වමින්, අන්තර්ජාල විසඳුම්වල සිට Growth Marketing සහ ව්‍යාපාරික මෘදුකාංග නිර්මාණය දක්වා පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් සැපයීමේ හැකියාව SLT-ඩිජිටල් සර්විසස් සතුයි. ගෝලීය තාක්ෂණය හා ක්‍රමෝපාය දේශීය සන්නාම වෙත හඳුන්වා දෙමින්, දැනට සිටින සහ අනාගත පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙනවා. SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.
“වර්තමානයේ වේගයෙන් විකාශනයවන ඩිජිටල් තාක්ෂණික අවකාශය තුළ පාරිභෝගික අපේක්ෂා වඩාත් සංකීර්ණ වී තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ, තමන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවක් විවිධ ක්‍රමවේද ඔස්සේ අඛණ්ඩව තමන් වෙත හිමිවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඩිජිටල් පරිවර්තනයේ ආරම්භයේ සිටම මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදන ප්‍රති-ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකිරීමට ව්‍යාපාරවලට සිදු වී තිබෙනවා. SLT-DIGITAL සහ Surge Global මෙලෙස අත්වැල් බැඳගත්තේ ඒ සඳහා පාරිභෝගිකයන්ට අත්වැලක් සපයමින්, ඔවුන්ගේ ආයෝජනවලට උපරිම ප්‍රතිලාභ ලබාදෙන විසඳුම් නිර්මාණය කිරීමටයි.” SLT- ඩිජිටල් සර්විසස් ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.
595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
SLT – ඩිජිටල් සර්විසස් සහ Surge Global හවුල්කාරීත්වයක්
MDD Thursday, 19 October 2023 11:57 PM
MY 0343151745 SPEED 1KB PER SECOND.