ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් ප්‍රථමවරට සිම්බාබ්වේට සාර්ථකව අපනයනය කළේය. මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයකි.
ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සඳහා වූ සමාගමේ කැපවීම, සූරියවැව අති නවීන EWIS නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙතින් සිදු කළ මෙම නැව්ගත කිරීමෙන් තවදුරටත් සනාථ වේ. නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
ආයෝජන මණ්ඩලයේ (BOI) 17 වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර, එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග පෙන්වයි.
EWIS Colombo සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මෙසේ පැවසීය. “මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWIS අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා.
ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකබව සඳහා EWIS කැපවීම ඔවුන් සතු ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, RoHS සහ IEC 62368-1 සහතික මගින් සනාථ කරන අතර, මෙම ප්‍රමිතිවලින් EWIS අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතිවලට අනුකූල වීම සහතික කරයි.
මෙම ගෝලීය ප්‍රමිති මගින් විශිෂ්ටත්වය සඳහා EWIS හි කොන්දේසි විරහිත කැපවීම තහවුරු කරන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි EWIS නිෂ්පාදන ඉතා තරඟකාරී කිරීමට එය සාධක වී ඇත.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේට අපනයනය කරයි