ශ්‍රීලංකාව දකුණු ආසියා කලාපයේ ප්‍රධානතම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය බවට පත්කිරීමට මේ දිනවල කොළඹ වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතු වනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව කියයි.
ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රීලංකා වරාය අධිකාරිය එක්ව පිරිවැය දරන මේ කොළඹ වරාය සංවර්ධන ක්‍රියාවලියට වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 5000 කි.සංවර්ධන ව්‍යාපෘතිය 2006 වසර සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි කටයුතු පවතින්නේ අවසන් අදියරේ බව සදහන්ය.
ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ඉදි කළ මීටර් 18 ක් ගැඹුරු කිලෝමිීටර 5.14 ක් දිග නව දියකඩනය නිසාවෙන් විශාල පරිමානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රීලංකා වරාය අධිකාරිය කියයි.මිිීටර 400 ක් බැගින් දිගු වන නව පර්යන්ත 2 ක ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මාසය වන විට නිම කිරීමට නියමිත අතර තවත් පර්යන්තයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වරාය සේවකයන්ගේ සේවය කැමැත්තෙන් කිරීමේ සහ කාර්යක්ෂම බව වැඩි කිරීමේ පුහුණුවක් ලබාදීමෙන් රටට සහ වරායට මහත් ප්‍රතිඵල ලැබෙනු ඇත. (නි)
නියමයි, හරිම සන්තෝෂයි. හැබැයි කොළඹ වරාය පමණයි (නි)
ඇයි හම්බන්තොට එක වැඩක් නැති නිසාද මේක වැඩි දියුණු කරන්නේ. එක වරම ඕක කරානම් හම්බන්තොට සල්ලි ටික ඉතුරුයි නේ.(නදී)
එතකොට හම්බන්තොට ? (ස)
වාරය සහ ගුවන් තොටුපොල දෙකක් තිබීමේ අවශ්‍යතාවය තේරෙන්නේ නැති අය තාම ඉන්නවද? සංවර්ධනයේදී දේශපාලන පාට කන්නාඩි දාගන්න එපා. (නි)
ශ්රී ලංකා වරාය වැඩි දියුණු කිරීම ගැන ඉතාම ආඩම්බර වන අතර, අද සිදුවන දැන්ත සංවර්ධනය අනාගත පරපුරට මල්මිටක් සේ රටට පිරිපුන් යුගයක් උදාවේවායි මගේ පැතුමයි.(නදී)
ඕක අපේ සමහර අයට තේරුම් ගන්න බැරි එකනේ තියන ප්‍රශ්නේ වනස්පති මහත්තයෝ. (නි)
මේක හවසට තෑබෑරුමක් වගේ. චීන්නු වෑඩකරන අපේ සමහර ඉන්ජිනේරුවන්ට අරක්කු දීලා පරික්ෂන සටහන් නිකම්ම අත්සන් කරගන්නවා. උදේට ඈහුවම අත්සන් කලේ මොනවටද කියලා දන්නෙත් නෑහෑ. ඒක පාලකයන්ට කිව්වම උන් කියනවා ඒක නවත්තන්න අවශ්‍ය නෑහෑ කියලා. ඒකෙන් පේන්නේ චීන සමාගමත් එක්ක ඔවුන්ගේ වෙනම ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒක නිසා මේක තවත් නොරොච්චෝලයක් වෙන්න කලින් විසදගත්තොත් හොදයි.(නදී)
අර හම්බන්තොට වරාය හදපු සල්ලි වලින් කොළඹ වරාය පුළුල් කළා නම් රටට විශාල වාසියක් වෙනවා. නැවු වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕනෑත් නැහැ. මෙහෙයුම් වැඩි කරලා විශාල ලාබයක් ලබන්න තිබුනා (නි)
සන්තෝසයි ...සන්තෝසයි ...
මේකට කියන්නේ සංවර්ධනය කියල නෙමේ. වවාගෙන කෑම කියලා. සංවර්දනය නමෙන් මේ කරන්නේ දේශපාලන ඉත්තෝ අදින එක. කල්පනා කරන්න කොලඹ වරාය මේ හදන්නේ බොරු සන්වර්ධනයක් කියලා නැව් ටික හම්බන්තොටට හරවන්න. නමුත් වෙන්නේ ඒ නැව් වලින් 75% ලංකාව අත හැරලා යන්න මග හදල දෙන එකයි. ඉන්දියාවේ තුත්තුකුදී වරායට අපෙන් ආශීර්වාදය ඒකයි. ඒත් සමහර අය කරන්නේ මේවා ඇත්ත පෙන්නන්නේ නැතුව මොනවා කරත් එහෙයි කියන එක.(නදී)
ඔය වරායවල් දෙකම තිබුනම මොකෝ? කොළබ වරාය පුලූල් කරානම් කියාවී කොළඹට කිරි අපට කැකිරි කියලා.(නදී)
අර ගුදමේ ගින්නත් එක පියවරක් වෙන්ටැති නේද මාමේ?(නදී)
දැන් එහෙනම් සිංගප්පුරුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට පයින් ගහයි කියල විශ්වාස කරනවා. කොළඹ වරාය සංවර්ධනය කිරීම සිංගප්පුරුවට තදින් දැනේවි. ජය ශ්‍රී.!(නදී)
සභාපතිතුමෝ, මානව සම්පත් අධයක්ෂ තමාට ගැතිකම් නොකළ සේවකයන්ට සේව දිගුව නොදී ගෙදර ඇරිය සාපෙන් මිදෙන්නනම් කවරදාකවත් බැරිවේවි. ඔබතුමාටත් මේ පව් ගෙවන්නම වේවි.(නදී)