උතුරු පළාතේ දුෂ්කර ප‍්‍රදේශ වල අලූතින් නැණසල මධ්‍යස්ථාන 40 ක් ඇති කිරීමට ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සැරැසේ.
මෙම මධ්‍යස්ථාන ඇති කෙරෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට අනුවය.
එළැඹෙන දෙසතියේදී නැණසල මධ්‍යස්ථාන 20 ක් ඇති කිරීමට සැළැසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප‍්‍රධානී හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලියු ඈපාසිංහ කියයි.
නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ජනතාවටත් තොරතුරු තාක්ෂණයේ භාවිතයන් හදුන්වාදීම බව ඈපාසිංහ මහතා පවසයි.
නව මධ්‍යස්ථාන 40 ත් සමග උතුරු පළාතේ පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන සංඛ්‍යාව 58 දක්වා ඉහළ යනු ඇත.
COMMENTS
මේක හරියට බෙල්ලට පිහියක් තියන් කතා කරනවා වගේනේ. ඡන්දෙන් දින්නොත් කරනවා එහෙම නැති වුනොත් ඉතින් බොරු බයිලා තමයි.(නදී)
මෙයට බෝ කලකට පෙර මම එවකට හිටපු විදුලි සංදේශ නියාමක කොමිසමේ සභාපති වරයාට ලිඛිතව දන්වා යැවුවා මේ වගේ මධ්‍යස්ථාන පිහිටුවීමේ යෝජනාවක්. ඒ කාලයේ මම විදුලි සංදේශ පහසුකම් දියුණුව සහ ආර්ථික සංවර්ධනය අතර තිබෙන සම්බන්ධතාවය ගැන ඉගෙන ගනිමිනුයි උන්නේ. මට මතක විදියට ඊමේල් එකක් එවලා තිබුනා ලැබුන බව කියලා. එපමණ තමයි. (ස)
ඔහොම යමු සර්!! (නි)