IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දකුණේ ශාන්තිකර්ම ඇසුරින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාතට ආවේණික බලිතොවිල්, ගම්මඩු  ශාන්ති කර්ම  සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්  ආරම්භ කර ඇති බැව් රුහුණු සංචාරක කාර්යාංශය පවසයි.
 
මෙකි ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ කලායතන  රුහුණු සංචාරක කාර්යංශය යටතේ ලියාපදිංචි කිරීමට සැලසුම්කොට තිබේ. ගම්මඩු යාග බලිතොවිල් දහඅට සන්නි වැනි ශාන්තිකර්ම පවත්වන අවස්ථාවලදි ඒ සදහා  විදේශීය සංචාරකයින් සම්බන්ද කිරීමට රුහුණු සංචාරක කාර්යාංශය මගින් සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමද  සංචාරක කාර්යාංශය මගින් සිදුකෙරේ.
 
පාරම්පාරික ශාන්ති කර්ම සංචාරකයින් අතර ජනප්‍රිය කරවීම තුළින් ඔවුන්  දකුණු පළාතට ගෙන්වා ගැනීම මෙහි අරමුණු බැව් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති තිසර ගුණසිංහ මහතා පවසයි. එමෙන්ම  මෙමගින් දකුණේ පාරම්පාරික කලාකරුවන්ගේ අදායම වැඩි  කිරීම තවත් අරමුණක් බවද හෙතෙම පෙන්වා දෙයි.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා මෙසේද කිවේය.

“ දකුණු පළාතට  ආවේණික සංස්කෘතික උරුමයක් තියෙනවා. ඒ සංස්කෘතික උරුමයෙන් අපි ප්‍රයෝජන ගතයුතුයි. මේ වගේ ශාන්ති කර්ම කරනවිට  අපේ අධිකාරිය මගින්   අපේ පාරම්පාරික සංස්කෘතික ශිල්පින්ට අවශ්‍ය පහසුකම් ලබාදී සංචාරකයින් ගෙන්වාගැනීමයි අපේ බලාපොරොත්තුව. ඒ තුළින් දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමට විශේෂ පිටුවහලක් ලැබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු දකුණු පළාතේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත්වෙමින් තිබෙනවා” බවද  සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

දකුණේ ශාන්තිකර්ම ඇසුරින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

chandima Saturday, 31 August 2019 02:49 AM

ව්‍යාපෘති ඇමති කෙනෙක් නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site