පුෂ්පකුමාර මල්ලවආරච්චි
මරඳගහමුල සහල් වෙළෙඳපොලේ සහල් මිල දිනෙන් දින පහළ බසිමින් පවතින අතර සහල් අලෙවියේ ද යම් පසු බැස්මක් ඇතැයි සහල් මිල දත්ත සටහන්කරු ටී විජයරත්න මහතා අද (30) පැවසීය.
අද (30) උදේ මරඳගහමුල පැවති සහල් තොග මිල ගණන් මෙසේය.
සම්බා කිලෝව රුපියල් 98.00 - 100.00 , නාඩු සහල් කිලෝව රුපියල් 70.00 - 72.00, සුදු කැකුළු සහල් කිලෝව රුපියල් 70.00- 72.00, රතු කැකුළු සහල් කිලෝව රුපියල් 65.00- 68.00 කි.
වෙළඳපොළේ සහල් හිඟයක් නැති අතර අම්පාර මෙන්ම කුරුණෑගල නාරම්මල හා දඹදෙනිය පෙදෙස් වලින්ද මේ දිනවල වී තොග ලැබෙමින් පවතින බවද විජයරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් මිල පහතට කිව්වත් සිල්ලර කඩවල රතු සහල් කිලෝ එකක් රුපියල් 120යි ඊට කලින් දවසෙ115යි කාටද මේවා කියන්නේ...?