IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වැනි දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත.

2000 වසරේ දී සන්නාම කළමනාකරුවකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයකු ලෙස පත් වීමට පෙර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රැසක් හොබවන ලදී. ජීවිත රක්ෂණ අංශයේ අලෙවිකරණය හා සන්නාමය ගොඩනැංවීමෙහිලා අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් ඔහුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙන අතර ඔහු සමාගමේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ.

හේමචන්ද්‍ර මහතා 2004 දී සෙලින්කෝ ලයිෆ් සමාගම අත් කර ගත් වෙළෙඳපොළ නායකත්වය අද දක්වා අඛණ්ඩව අවුරුදු 21 පුරාවට පවත්වාගෙන යාමට දායක වූ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වසරේ වෙළෙද සන්නාමය ලෙස තුන් වතාවක් හා වසරේ සේවා වෙළෙඳ සන්නාමය ලෙස හය වතාවක් සම්මානයට පාත්‍ර කිරීමෙහි ලා ප්‍රධාන කාර්යභාර්යයක් ද ඔහු ඉටු කර ඇත.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) හි සාමාජිකයකු සහ වරලත් අලෙවිකරුවකු (FCIM) වන සමිත හේමචන්ද්‍ර මහතාට සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවි-කරණ කළමනාකරණය, සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් තිබේ. සෙලින්කෝ ලයිෆ් සඳහා ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර රාශියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සෘජුවම සම්බන්ධ වී ඇත. හේමචන්ද්‍ර මහතා ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) අලෙවිකරණ සහ විකුණුම් සංසදයේ හිටපු සභාපතිවරයකු වන අතර වසර ගණනාවක් පුරාවට SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු දැනට සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අතර සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) හි විධායක නොවන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරයි.

 



අදහස් (0)

සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 59 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 106 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 169 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 24 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 29 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 25 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1101 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 269 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site