අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන මතුපිට ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 2.5ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 0.9කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013-100) යන විචලනය මගින් ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය ගණනය කරනු ලබයි.
ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම එසේ මතුපිට උද්ධමනය අඩු වීමට බලපෑම බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 4.7 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 4.0ක් දක්වා පහළ ගිය බව ද මහ බැංකුව කියයි.
මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහළ ගිය බවත් ආහාර මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.
එහිදි විශේෂයෙන්ම එළවළු, පොල්, අමු මිරිස් සහ මත්ස්‍ය හි මිල ගණන් පහළ යෑම හේතු වී තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම මත්පැන් වර්ග, දුම්කොළ, ප්‍රවාහන හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩ ඊට දායක වී ඇත.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 2.7ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අගෝස්තු මාසයේදී සියයට 2.5ක් වූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.4ක් දක්වා පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

(055)
2025 දෙසැම්බර් මස 04
616
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
522
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට
Chaminda Thursday, 25 October 2018 06:19 AM
ඔය ගමන්ම අඩු උන බඩු ලයිස්තුවත් දැම්මනම් හොදයි .මෙයාල කරන්න දෙයක් නැති උනහම රටේ නැති දෙයක් කියනවා.......