IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලන්කන් වවිනියාවටත් යයි

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි  කාර්යාල පිහිටුවීම සඳහා වූ ඉහළ යන ඉල්ලුම හමුවේ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්හි නවතම මගී අලෙවි කාර්යාලය ඊයේ වවුනියාවේ දී විවෘත කරනු ලැබිය.
 වව්නියාවේ ජනතාවට සෑම අලෙවි කටයුත්තක් සඳහා ම සෘජුව සහභාගී වීමේ අවස්ථාව සලසමින් මෙම වසරේ දී නිල වශයෙන් විවෘත වූ පස් වැනි මගී අලෙවි නියෝජිත කාර්යාලය මෙයයි.
නව  කාර්යාලය විවෘත කිරීම මගින්, සියලූ අළෙවි සේවා වවිනියා නගරයේ ජනතාව වෙත කෙලින්ම සමීප කෙරේ.  නව කාර්යාලය  ආසන වෙන්කිරීම, ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම,  විශේෂ සේවා ලබා දීම, ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම, කාලසටහන් හා පැකේජයන් පිළිබඳ සේවාවන් ලබාදීමි වලට සරිලන සේවා සැපයීමට අවශ්‍ය නවීන පහසුකමි වලින් සමන්විතය.

වවුනියාවේ  පළමුවන හරස් වීදියේ  අංක 608/1 දරණ ස්ථානයේ පිහිටි ඇට්ලස් ලංකා  පෞද්ගලික සමාගම සිය මගී අලෙවි නියෝජිත  මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලන්කන් මඟින් පත්කරනු ලැබ ඇත.
නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට  ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ලෝක ව්‍යාප්ත අළෙවි ප්‍රධානී  ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර ජේ.ටී ජෙයශීලන් යන මහත්වරුන් සහභාගී වූහ.

 

 



අදහස් (0)

ශ්‍රී ලන්කන් වවිනියාවටත් යයි

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 06 March 2013 05:33 PM

සන්තෝෂයි! (නි)

:       0       0

විමල් Wednesday, 06 March 2013 05:58 PM

තව තවත් ශාකා ඇති කරන්න ඕනේ (දී)

:       0       0

පද්මි Monday, 04 March 2013 11:15 AM

දැන් ඒ පළාත් වල අය හැම අවුරුද්දෙම ලංකාවට එනවනේ. (නි)

:       0       0

ගාමිණි Sunday, 03 March 2013 12:22 PM

නියමයි සන්තෝසයි (දී)

:       0       0

බුද්ධි Monday, 04 March 2013 12:34 PM

ලංකාවේ සැම තැනකම ඉන්න ජනතාවට පහසුකම් තව දෙන්න (දී)

:       0       0

වන්නි Monday, 04 March 2013 07:44 AM

නියමයි....නියමයි....නියමයි.... (දී)

:       0       0

අජිත් Saturday, 02 March 2013 10:20 AM

ලංකාව පුරා ටිකට් කාර්යාල ඇරලා පාඩුයි පාඩුයි කියලා... එම පාඩුවත් අපෙන් අල්ලාවිද දන්නේ නෑ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site