(ජයන්ත සමරකෝන්)
අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කුඩා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමේ දී පනවා ඇති බදු මුදල රුපියල් ලක්ෂ 8 සිට රුපියල් ලක්ෂ 16 දක්වා ඉහළ දමා තිබිමෙන් එම වාහන ගෙන්වීම ඉල්ලුම හා අවශ්‍යතාවය මත පමණක් සිදුවන බවද එම සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.
හයිබ්‍රිඩ් වර්ගයේ වැගන් ආර්, කුඩා වර්ගයේ වාහන සඳහා රේගුව විසින් බද්දක් අය කිරිම නිසා එම වාහනවල මිල රුපියල් 25000 කින් ඉහළ ගොස් ඇතැයි ද මේ වන විට එම වාහන ගෙන්වීම මුළුමනින්ම නතර කර ඇතැයි ද ඒ මහතා කීය.
සෑම මසකට වරක් මෝටර් රථ පමණක් මෙතෙක් 4500 ක් පමණ ආනයනය කළ අතර එයින් 1500 ක් වැගන් ආර් රථ බවද ඔහු කීය.
COMMENTS
බොහොම හොඳයි... ඔය වාහන නැති හැමෝම මේ විශ්වාස කළ නොහැකි අරුම පුදුම බදුගෙවලා තමන්ට වාහන ගන්න හිතන්න එපා. දැන් රටේ ඕනෑවට වඩා වාහන තියනවා. ඒ නිසා අසාධාරණ බදු වැඩිකරන එක හොඳයි කියලා තමයි වාහන හිමියෝ බොහෝ දෙනා කියන්නේ... ඒ නිසා ඔබට ගමනක් යන්න ඕනෑනම් පාරට ඇවිත් ඕනෑම වාහනයක් නවත්වාගෙන ඔබට වුවමනා තැනකට ගෙනිහින් දම්මවා ගන්න...
මල නොතලා පැණි ගන්නවා වගේ බදු ගහන්න කියලා තියෙන්නේ... දැන් අපේ මුදල් ඇමති මල විතරක් නෙමේ මුළු ගහම කපල පැණි ගන්න හදන්නේ.. දැන් රජයට ලැබුණු අාදායමත් නැති වෙයි.. හැබැයි ඉතින් තියෙන වාහන ටිකෙන් පුළුවන් හොඳ ගානක් හොයාගන්න... දුම් බදු, කාබන් බදු, පෙට්‍රල් බදු, ටයර් වලට බදු, අමතර කොටස් වලට බදු, අදායම් බලපත්‍රයෙන් බදු... පාරෙන් බදු ... තව ගහන්න පුළුවන් මොනවා හරි තියෙනවද කාර්වලට ... ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට ලක්ෂ 10 අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් හදන්න ඕනේ.. මේකට තියෙන විසඳුම එ්කයි. එහෙම නැත්නම්, අනෙක් ප්‍රවාහන සේවයන් කාර්යක්ෂම කරලා දියුණු කරන්න ඕනේ.. විශේෂයෙන් විදුලි දුම්රිය, ඇතුළු බස් රථ සේවය.. රස්සාවට යන්න පැය 3ක් යනවා, ගිහින් එන්න තව 3 ක් යනවා .. වැඩ කරන්නේ පැය 8 යි. මගට විතරක් පැය 6 ක් ගිහින්..
පාරේ තියන වාහන තදබදය අනුව බලන කල තමන් යන දිහාවක පයින් ගියොත් ශරීර සෞඛ්‍යට හා සාක්කුවේ සෞඛ්‍යට යන දෙකටම වැඩක් සිදුවේවි.
වහානනම් හොදටම වැඩි දැන් කොළඹ. කිලෝ මීටරයක් යන්න පැයක් විතර යනවා.
වෙලාවට බස් එක එනවනම් වාඩිවෙලා යන්න සීට් තියනවනම් ආයි මොකටද කාර්? අපි කොහොම හරි පටන් ගනිමු. වැඩිවන බරපැන රජය දැරිය යුතුය. අපිත් කීයක් හරි වැඩියෙන් දෙන්න බලමු.