( ජුඩ් සමන්ත)
වාරකන් සමය එළැඹී ඇතත් විවිධ වර්ගයේ මසුන් සුලබව හලාවත මුහුදේදී ධීවරයින්ට නෙලා ගැනීමට හැකියාව ලැබී ඇත.
පසුගිය දින කීපය තුළ මීවැටියන් මාළු විශාල වශයෙන් ධීවරයින් විසින් නෙලා ගෙන තිබුණි. හුරුල්ලෝ මාළු විශාල ප්‍රමාණයක් හලාවත මාළු අළෙවිසලට ධීවරයින් විසින් රැගෙන විත් තිබුණි.
හුරුල්ලන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 200 – 300 ත් අතර මිළකට අලෙවි වේ.
මීට පෙර වාරකන් සමයේදී මේ ආකාරයට මාළු අස්වැන්නක් නෙලා ගැනීමට හැකියා නොමැති බවද මෙම තත්ත්වය අසාමාන්‍ය බවත් හලාවත ධීවරයෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන් බලන්න ප්‍රතිපල. ඉන්දියාවට ඕන විදියට නැතුව අපේ මුහුදු තීරය අපිම බලාගත්තු එකේ අස්වැන්න. අනිකුත් සෑම දේම රටට ගැලපෙන විදියට බලාකියා ගත්තනම් ප්‍රතිපල කාටද?
දැන්වත් පෙනෙනවද දින සියේ ප්‍රතිඵල?
අර ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හදපු සල්ලි වලින් මාළු කල්තබා ගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සහිත ගබඩා ටිකක් හදාගත්තා නම්, මේ මාළු අස්වැන්නෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න තිබුණා.