IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංකා බැංකු බැඳුම්කරයට ආයෝජකයන්ගේ අවධානය

රුපියල් බිලියන විස්සක මුදලක් එකතු කරගැනීම සඳහා ලංකා බැංකුව නිකුත් කරන බැඳුම්කරය සඳහා විනිමය හා සුරුකුම් කොමිසම සිය අනුමැතිය 2025 මුල් මාස නමය තුළ බදු ගෙවීමට කලින් රු. බිලියන 87.7 ක වාර්තාගත ලාබ උපයාගෙන ඇති ලංකා බැංකුව එම ශක්තිය හුවා දක්වා මෙම බැඳුම්කරය ඉදිරිපත් කරන බව දැක්වේ. මෙම වර්ධනය කලින් වසරේ සමාන කාල පරිච්ඡේදයට වඩා සියයට 133 ක ප්‍රගතියකි. වසර පහක් දක්වා විය හැකි මෙම ණය ලබාගැනීම රුපියල් බිලියන දහයක මූලික හා පසුව අධි ඉල්ලුමක් තුළ තවත් වාර දෙකක දී රුපියල් බිලියන පහහ බැගින් ලබාගැනීමක් දක්වා දීර්ඝ විය හැකිය. 
පසුගිය දිනවල ඉදිරිපත් වූ ණයකර හා බැඳුම්කර සඳහා සැලකිය යුතු ඉල්ලුමක් තිබුණ අතර මෙරට ආයෝජන අංශ ලංකා බැංකුවේ අවස්ථාව සම්බන්ධයෙන් ද ධනාත්මකව සලකනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට වෙන් කරන ලද ධනය කොටසක් මෙම අංශවලට ඇදීයාම තුළ තරගකාරීත්වය අඩුවීමක් ද අපේක්ෂා කෙරේ. 
විදේශික ආයෝජන අංශ කොටස් විකිණීමට ගෙන තිබෙන තීරණය තවමත් නොවෙනස්ය. මෙදින ගනුදෙනුවල දී විදේශිකයන් රු. මිලියන 18.9 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 61.7 ක් බව සඳහන්ය. 
එදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,333.25 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 38.48 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,071.12 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 18.82 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 2.85 කි. ගනුදෙනු  28,161 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 77.19 ක් විය. සමාගම් 135 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 111 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 56.55 ක් වැනි සාමාන්‍ය අගයක විය. ගනුදෙනු ගණන ඉහළ නමුත් පිරිවැටුම අඩුවීම කැපී පෙනෙන තත්වයකි. දිනයේ පූර්ව භාගයේ දී ඉහළ ගිය දර්ශක පසු භාගයේ දී වේගයෙන් පහළට ගමන් කළ බවක් නිරීක්ෂණය කළ හැකි විය. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය නැවතත් රුපියල් ට්‍රිලියන හතක සීමාවට ළඟා වී ඇත.

 නිරීක්ෂක 



අදහස් (0)

ලංකා බැංකු බැඳුම්කරයට ආයෝජකයන්ගේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site