ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය හා සංචාරක ප‍්‍රවර්ධන පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයක් වන ‘‘කටාන නගර සංවර්ධන ආයතනය’’ ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණ සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය සංචාරක කලාපය කටානේ අක්කර 200 ක භූමියක ඉදිකිරීමට නියමිත අතර මේ සඳහා යෙදවීමට අපේක්‍ෂිත මුදල ඩොලර් කෝටි 3 ක් පමණ වේ. ව්‍යාපෘතියට විදෙස් ආයෝජකයන්ගේ ඍජු දායකත්වය ලබා ගැනීමට නියමිතය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේම ඉදිකෙරෙන මේ සංචාරක කලාපයේ හෝටල හා වෙළඳ සංකීර්ණ, විනෝදාස්වාදය සඳහා වන පහසුකම් හා උද්‍යාන ඇති කිරීමට යෝජිතය. ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 10,000 ක් පමණ උත්පාදනය කර ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේක්‍ෂා කරයි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
පිම්ම පනිද්දි පරිස්සම් විය යුතුයි.සංචාරක පිම්මක්නේ . (ස)
පිමි පනින්න ගිහින් ඒ ගමන මොකක් කර ගනීද දන්නෙ නැහැ. (නි)
විදෙස් ආයෝජකයන්ගේ ඍජු දායකත්වය ලබා ගැනීමට නියමිත නිසා එයාලා කියන විදියේ ව්‍යාපාර කරන්න ලංකාවේ සමාජ සංස්කෘතිය ඉඩ ලබා දෙයිද?
නිිස පුහුණුවක් නැති ශ්‍රම බලකායක් නැතුව සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම මායාවක්
කෝටි 3න් හෝටලයක් හදන්න පුළුවන්ද? අනික හොඳ බීඩ් එකක් තියෙන මීගමුව ඕක හැදුවනම් හොඳයිනේ.
පහුගිය කාලේ සංවර්ධනයේ පවු තවම ගෙවලා ඉවර නෑ වගේ
හොඳම හොඳ වැඩක්..
තව වැඩි කරමු
මොනවා කරන්නද දන්නෑ හිතන් ඉන්නේ
මොනවාද දන්නෑ සැලසුම් කරගෙන ඉන්නේ
රැකියා දෙන්නෙත් ඉතින් ඒ අය කැමති අයටනේ. නේද?
විධිමත් සංස්කෘතියක් සමග අපරාධ මර්ධනයට සැරසෙද්දී එතෙර සල්ලි මතම යැපෙන්න හදන අපට මේවා නියමයි
මේ ව්‍යාපෘතියෙනුත් වාසියක් වෙයිද ?
කෝටි 3 න් කීයක් වැඩේට යෙදවේවිද ???