(හර්ෂණ තුෂාර සිල්වා)
යම් යම් බලපෑම් තිබුණ ද මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
විවිධ අහිතකර අනුමාන නිසා සැප්තැම්බර් මාසයේ දී රුපියලේ අගය පහත වැටුණු නමුත් පසුගිය සතිය වනවිට රුපියල ස්ථාවර වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව මේ වසරේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.3 % කින් ඉහළ ගොස් ඇත.
මේ අතර රොයිටර් පුවත් සේවයේ දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ දී රුපියලේ අගය 0.4% කින් ද මේ වසරේ මේ දක්වා කාලයේදී රුපියලේ අගය 1.1% කින් ද ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පිටරට ඉඳන් අපේ රටට මුදල් එවන අය... රුපියලේ අගය කොහොමද ඉහළට ගියේ? මේ වගේ බොරු කියන එක හොඳ නෑ නේද?
මෙතන ගැනුම් මිල හා විකිණුම් මිල කියල දෙකක් තියෙනවා. අපේ පෙට්ටි කඩේ මුදලාලි රු. 30 ට පාන් ගෙඩියක් අරගෙන 35ට අපිට විකුනනවා වගේ. බැංකුවත් එක ඩොලර් එකකින් රු. 5 විතර තියා ගන්නවා. ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස තමයි මේ. බැංකු සල්ලි හොයන එක කර්මයක් තමයි මේ. ආර්ථික මට්ටම යම් මට්ටමකට හොඳ රටවල මේ දෙක අතර වෙනස ඉතා කුඩයි. සිංගප්පුරුවේ මේ වෙනස සාමානයෙන් 1.4% වෙනකොට් ලංකාවේ ඉන්දියාවේත් 1.5% විතර. ලංකාවේ 2% වඩා වැඩි වෙනවා. මේක විශාල වෙනසක්. මේ විශාල වෙනස උද්දමනයටත් බලපානවා. මහා බැංකුවේ උගත් මහත්තුරු ඔහේ ඉන්නවා, ගොන්නු වගේ. පුද්ගලික බැංකු ලාභ වැඩි කරගන්න ඇරලා හිතේ හැටියට. ගැනුම් මිල අනුව බැලුවොත් රුපියල 0.67% පිරිහිලා තියෙනවා මේ අවුරුද්දේ 14/10/19 වෙනකොට. ලංකාවේ දත්ත සමීක්ෂණ අලුත් වෙන්නේ නෑ. ඔහේ, තාමත් බලන්නේ, අර යල්පැනගිය දත්ත ක්‍රමවේද. මහබැංකුව වැඩිහිටි නිවාසයක් වගේ. ඉතින් කොහොමද සිතුවිලි අලුත් වෙන්නේ.
පටට පල් බොරු කතා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉඳ්‍රජිත් කුමාරස්වාමි බොරු කියන එක හොද මදි. පුලුවන්නම් දත්ත ඉදිරිපත් කරන්න