ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ.
“කුඩා බැංකු වලින් ආනයන ඉල්ලුමක් පවතින නමුත් වෙළෙඳපොළේ සැපයුම ප්‍රමාණවත් නැහැ“මුදල් තැරැව්කරවකු පැවසීය. ඉහළ ව්‍යාපාර බිල්පත් සතු ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන බව තවත් තැරැව්කරුවකු කීවේය.
COMMENTS
රුපියලේ අගය ඩොලරය ට සාපේක්ෂව කලින් අපි නිරතුරුව දැන ගන්නවා. ඒ ලංකාදීප එසැන තුලින්. එත් දැන් එය නැහැ.එය විශාල පාඩුවක්...නැවතත් එය පල කරන්නේ නම් ඉතා අගනේය.
මේ යහපාලන ආණ්ඩුවේ වැඩ වල තරම පෙනෙනවා, රුපියල බාල්දු වෙන විදිය බැලුවම. ඒ උනාට තවම කියන්නේ රට හරි අතට ගමන්කරනවා කියල. මෙහෙඋ පැහැර ආණ්ඩුවක් නම ජිවිතේට දැකලත් නැහැ , අහලත් නැහැ.
තව දුරටත් පහල යන්න පෙර ඉතිරි ඇමතිවරුන්ටත්. ඔවුන්ගේ බිරින්දවරුන්ටත් සුඛෝපබෝගී වාහන සඳහා ඇනවුමක් දැන්ම ජපානෙට, යුරෝපෙට යවන්න.
වෙනස සෑහෙන්න සැපයි වගේ දැනෙන්නේ. ඊළඟ චන්දෙන්ම අහවලා දහතුන් පාරක් පැරදිච්ච පරණ වාර්තාත් බිඳියි වගේ.
දේශපාලුවන්ගේ වාහන සඳහා යන බදු රහිත මිල මෙයට බලපාන එක් පරාමිතියක් පමණි. අප වෙළඳ ශේෂය අවම කරගැනීම සඳහා ආනයන පරිබෝජනය අඩුකර දේශීය දේට හුරු උනොත් හොඳයි. හැමෝම දේශපාලුවන්ට බනිනවා මිසක් තමන්ගේ යුතුකම් කොටස නොකරයි. අනෙක් පැත්තෙන් පිටරට ඉන්න උදවියන් උන්දයිල් ක්‍රමය අතහැර බැංකු මාර්ගයන් $$ ලංකාවට එවන්න. ටිකක් පාඩු තමයි. පිඅටරට ඉඳන් පොර ටෝක් දෙනවට වඩා එක එක හොඳි.
dhubai තිලක් කියල කෙනෙක් ඉස්සර හැමදාම ලියනවා දැන් එයා කොහෙද කියල දන්නා කෙනෙක් කියන්නකෝ
සුනිල් විජේසේන මහත්තය, ආණ්ඩු මාරු උනාට පස්සේ දැන් එයාට දවසට ගෙවන රු 1600 නවත්තල. අයෙත් ඡන්ද කලේ ලං වෙද්දී වැඩට බහියි.
නළුවෙක් නෙවේ මොලයක්!
බන්දුල සර් මොනව කියයිද දන්නෙ නෑ මේ ගැන.. ඒ කාලෙ රුපියල බාල්දු වෙනකොට එයා කිව්වෙ " ඒ වුනාට තාමත් රුපියලට සත 100 යි" කියල. ( සාක්ෂි Youtube එකේ ඇත }
පසු ගිය දින 180 තුල ඉන්දියන් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වැඩි වෙමින් තිබෙන අතර අපේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අඩු වෙමින් යනවා. රටවල් දෙකේ ආර්ථික ප්‍රතිපත්ති මෙයින් බලා ගන්න පුළුවන්.
ලංකාවේ හැමදාම පාරවල් වහගෙන උද්ඝෝෂණ, ආර්ථිකය පිරිහෙනවා එතකොට රුපියල වැටෙන එක පුදුමයට කාරණාවක් නොවේ... මෙහෙම ගියොත් සයිටම් කෙසේවෙතත් රජයේ විශ්වවිද්‍යාල ටිකත් පුද්ගලික අංශයට දෙන්න වේවි... !!!
රුපියලේ අගය විතරක් නොවෙයි ආණ්ඩුවේ අගයත් බලා ඉන්දැද්දී පහළ යනවා.
දැන් සැපද , මහින්ද සිටියානම් දැන් ඩොලරය 60 ට 70 වට බැහැල ,බඩු මිල ගොඩක් අඩුවෙලා, ඉල්ලන් කෑවා නේද .
මම කල්පනා කළේ ඩොලර් ටිකක් ගන්න කියලා. මොකද මේ අවුරුද්දේ අවසානය වෙද්දී 200 ටවත් ගියත් ඇතිනේ....