(විනීතා එම් ගමගේ)
වාණිජ කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙමින් පවතින බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය රන්මසුපුර ලෙස අද (27) පෙරවරුවේ නම් කැරිණි.
සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප‍්‍රයිසස්, තෙමාසසෙක් පදනම සහ ලයිව්බල් සිටීස් යන ආයතනයන් හි උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිව සැකසුණු රන්මසුපුර සංවර්ධන සැලැස්ම, සැලසුම් 5 ක් යටතේ කි‍්‍රයාත්මක කෙරේ.
එනම්, බේරේ වැව වටා ඇති සියළුම ඉඩම් ඉහළ ඵලදායිතාවකට දියුණු කිරීම, බේරේ වැව අපවිත‍්‍ර වන ආකාරයේ සියළු භාවිතයන් පාලනය කිරීම, ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගනිමින් යෝජිත සංවර්ධනය සැලසුම් කිරීම, දේශීය හා විදේශීය ජනතාවට බේරේ වැව වෙත ළඟාවීමට හැකිවන පරිදි වැව රක්ෂිතය විවෘත කර සංවර්ධනය කිරීම හා විනෝද කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම, විශේෂයෙන්ම දේශීය ජනතාව සඳහා තම ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ අවස්ථා වැඩිකිරීම හා ආර්ථික දියුණුව ඇති කිරීම සිදු කෙරේ.
කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලූමුවදොර ආවරණය වන ආකාරයට සංවර්ධන කොරිඩෝ පහක් හඳුනාගෙන ඇති අතර ඒ හරහා බේරේ වැවත් නගරයේ අනිකුත් ප‍්‍රදේශත් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෙම විශේෂ සංවර්ධන කලාපය හෙක්ටයාර් 55 ක් පමණ බේරේ වැව ලෙස පවතී. එසේම හෙක්ටයාර් 30 ක පමණ රජයේ කාර්යාල පිහිටා ඇති අතර, හෙක්ටයාර් 27 ක් පමණ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඊට අමතරව හෙක්ටයාර් 26 ක් පමණ ගුදම් ලෙස පවතී.
මින් වැඩි ප‍්‍රමාණයක් අයත් වනුයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වනුයේ නේවාසික භාවිතයට හෙක්ටයාර් 24 ක් පමණ වෙන්වී ඇති අතර, විවෘත ප‍්‍රදේශ ලෙස හෙක්ටයාර් 20 ක් පමණ වෙන් වී ඇති බවයි.
විවෘත ප‍්‍රදේශ සහ විනෝද කටයුතු සඳහා සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් වෙන් කිරීමටත්, එම ප‍්‍රදේශය දිවා කාලය මෙන්ම රාත‍්‍රී කාලයේ දී ද සජීවීව තබා ගැනීම උදෙසා නේවාසික භාවිතය ද තෝරාගත් කලාප තුළ ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සැලසුම තුළින් අපේක්‍ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදි කිරීමේ කොන්තරාත්තුව ගත් අයට නං රන්මසු ලැබෙන්න ඇති ...
ලස්සනට හදල තිබුණු බේරේ වැව විනාශ කරලා දාලා අායෙත් එ්ක හදන්න කොන්තරාත්තු දීලා. ඕවා ඉතින් මෙලෝ දෙයක් දන්නේ නැති පිටරට අයට නම් මැජික්. එහෙමත් නැත්තන් පිටරට අයට පේන සංවර්ධනය. ඒත් මේ රටේ ඉන්න අය නම් දන්නවා ඕකට කියන්නේ වවාගෙන කෑමයි කියලා.
නගරයේ වැඩ කරන මිනිස්සු ඔක්කොමලා මල පහ කරන්නේ මේ වැවට... මේක සුරපුරයක් කරන්න හදන්නේ කවදාවත් නොකෙරෙන වැඩ.. ඒ මිනිස්සු එළියට පහළියට අරලියගහ මන්දිරේට යන්නද?
රන් මසුවෙක් තියා එක වැලි ගොබුවෙක්, අඟුලුවෙක්, මඩ ආඳා මාලුවෙක් ඔය වැවෙන් හොයාගන්න පුළුවන්ද? ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන සංවර්ධනය කළත් ඔය වැවට වැටෙන්න එහෙම එපා .. ගොඩවෙන්න වෙන්නේ මේ ලෝකෙත් නැති ලෙඩක් හදාගෙන තමයි .. මේ ලෝකේ තියෙන අපිරිසිදුම ජලාශයක් තමයි ලංකාවේ කොළඹ බේරේ වැව.. ඕක වටේටම බලහත්කාරයෙන් පැල්පත් හදාගෙන... අයිතිවාසිකම් කියන ඔක්කොම අය මලපහ කරන්නේ ඕකට.. ඔකේ අඩියේ තියෙන්නේ මඩ නෙමෙයි මලපහ ..