(තුසිත කුමාර ද සිල්වා)
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ගතවූ දින 25 ක කාලය තුළ අලුත්ගම බේරුවල සංචාරක කලාපයේ සංචාරකයන් නොමැතිකමින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික ස්ථාන 90% වසා දමා ඇතැයිද, තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇතැයිද ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.
විදෙස් සංචාරකයින් බේරුවල සංචාරක කලාපයට පැමිණීම 100% අවලංගු කර තිබීමෙන් තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.
මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදී ඇතැයිද ආයතන කිහිපයකම නිලධාරීහු පැවසූහ.
මෙම ප්‍රහාරවලින් යූරෝ, ඩොලර් ලක්ෂ ගාණක පාඩුවක් ගතවූ කාලය තුළ සිදුවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ ආයතන හිමිකරුවකු වන තිස්ස චන්ද්‍රා ද සිල්වා සහ සජිත් ප්‍රියංකර යන ව්‍යාපාරිකයෝ කීහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.