(විනීතා එම් ගමගේ)
නීති විරෝධී අන්දමින් පවත්වා ගෙන යන සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක නියෝජිතායතන ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාල ස්ථාන පරික්ෂාව සඳහා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් විශේෂ කඩා පැනීම් ඒකකයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
සංචාරක ව්‍යාපාරයට අදාලව කරගෙන යන ඕනැම ව්‍යාපාරයක් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර එසේ ලියාපදිංචි නොවී පවත්වාගෙන යන ව්‍යාපාර සියල්ල නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ඒවා ලෙස සලකනු ලබයි.
සංචාරක ව්‍යාපාරයට අදාලව දැනට පවත්වාගෙන යන ව්‍යාපාරවලින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී පවත්වා ගෙන යන්නේ සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් යැයි සැලකෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉදිරියේ දී නව වැටලීම් ඒකකය ආරම්භ කිරීමෙන් පසු එසේ ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන ස්ථාන වටලන බවත් පළමු වරට ඔවුන්ට අවවාද කරන අතර අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිලධාරියා කීය.
COMMENTS
සුළු පරිමාණ සංචාරක ව්‍යපාරිකයෝ යන්තම් ඔල්ලුව උස්සනකොටම ඔන්න තවත් විකාරයක් පටන්ගත්තා. ඕකෙන් කෙරෙන ප්‍රවර්ධනයක් නැහැ. නිලධාරී එන්නේ අපෙන් කියක් හරි කඩාගෙන මොනවා හරි කලා බිලා ජොලිකරලා යන්න. අඩුම තරමේ ව්‍යාපාරයට අවශ්‍ය පුහුණු සේවකයෝ සපයන රැකියා බැංකුවක් වත් මේ ගොල්ලට නැහැ ,
හොඳ අදහසක් ! ඕනෑම රටක, ඕනෑම ව්‍යාපාරයක් රජය අනුමත කල ඒවා විය යුතු බව නොදන්නා අය තවමත් අපේ රටේ සිටිනවාද ? විශේෂයෙන්ම රටට විදේශ විණිමය ගෙන එන සංචාරකයන් ගසා කන විවිධ අපරාධ වලට වලට අනුබල දෙන මෙවැනි මෙවැනි ආයතන හතු පිපෙන්නාක් මෙන් සංචාරක කලාපවල නැතුවා නොවේ ! කිසිම පිළිගත් ප්‍රමිතීන් නැති හෝටල් කාමර, අපිරිසිදු අවන්හල් අපේ රටේ නැද්ද ? මේ කඩාපැනීම් මගින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචිවී, නීත්‍යනුකුලව පවත්වාගෙන යන සංචාරක ආයතනවලට කිසිම බියක් ඇතිකර ගත යුතු නොවේ යන්න මගේ හැඟීමයි !!!!!
ලියාපදිංචි කිරීම ඉතා හොඳ වැඩක් . නමුත් අපේ රටේ දැනට වැඩිපුරම තියෙන්නේ කුඩා පරිමාණයේ ලියාපදිංචි නැති ඒවා . සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරන නීති අනුව සමහර ආයතන වලට අවශ්‍ය කරුණු සම්පුර්ණ කරන්න බෑ. සංචාරක පුරවර වල නිවාස වල කාමර දෙනවා . ස්වයං රැකියාවක් ලෙස . එම නිසා ලොකු ආයතන දිහා බලන විදිහට පොඩි ආයතන දිහා බලා ලියාපදිංචි කිරීම සුදුසු නොවේ . පොඩි මිනිසුන්ට පහසු ක්‍රමයක් හඳුන්වා දීමෙන් වැඩි පිරිසක් ලියාපදිංචි කර රජයට අදායමක් ලබා ගත හැක . ලියාපදිංචිය පමණක් නොවේ පුහුණුවක් ලබා දීම ද ඉතා වැදගත් . ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුහුණු වැඩසටහන් සංවිධානය කර සේවා දැනුම ලබාදීම කල යුතුය .
ඔය දැනට තිබෙන සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වුන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට ලැබිච්ච දෙයක් නැහැ , කරදර මිසක් , අඩුම තරමේ ඔවුන් සතුව නියම ප්‍රමිතියකට සේවකයන් පුහුණු කිරීමේ රැකියා බැංකුවක් වත් නැහැ , අඩුම තරමේ සුළුපරිමාණ ව්‍යාපාරිකයට රාජ්‍ය බැංකුවකින් අඩු පොලියට ණයක්වත් ලබාගැනීමේ පහසුකමවත් නැහැ. නිලධාරීන් කරන්නේ අපෙන් ලැබෙන මුදල් වලින් සැප විඳින එක. කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ හොඳම වැඩේ ඔය කඩා පනින හමුදාව ආවහම කියක් හරි දීල පිටත් කරන එක. නැත්නම් ඔවුන් අර සහතික මේ සහතික ඉල්ලාවී අන්තිමට සිදු වෙන්නේ ව්‍යාපාර කිරීමට තිබෙන වටිනා කාලය වියදම් කරමින් අතන මෙතන රස්තියාදු වෙන්න. මම මේ කියන්නේ ශ්‍රී ලංකාවේ නිලධාරීන් සහ ක්‍රම සහ විධි ගැන දන්නා නිසා
ද සිල්වා කියන කතාව හරි. ලියාපදිංචි වුණා කියලා හම්බවෙන දෙයක් නෑ. ගෙවන්න තමා තියෙන්නේ. ලියාපදිංචි වෙන්නත් තියෙන අඩුපාඩු නිසා ගොඩක් අල්ලස් දෙන්න වෙනවා. මේ නීති දාන්නේ ලොකු ව්‍යාපාරිකයන්ගේ තත්වයෙන් හිතලා.
ලියාපදිංචි කිරීමෙන් පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා විශේෂයෙන්ම විදේශිකයෙක් අතුරුදහන් වුණොත් සාක්කියක් තියෙනවා. නවාතැන් පොළවලට ප්‍රචාරයක් ලැබෙනවා. සංචාරකයෝ අතර විශ්වාසය ගොඩ නැගෙනවා. පුද්ගලික බස්, පාසල් වෑන්, ටැක්සි වැනි සියල්ලම ලියාපදිංචි කරන්නේ මෙම හේතුව නිසා.
මේකේ ලියාපදිංචි වෙන හෝටල් ප්‍රවර්ධනය වෙනවා නම්, හෝටල් හිමියෝ ඇවිත් ස්වේච්ඡාවෙන්ම ලියාපදිංචි වේවි!!! හෝටල් හිමියෝ ලියාපදිංචි වෙන්න පස්ස ගහන්නේ මේ ගොල්ලන්ට මේ ආයතනයෙන් කරදරයක් මිසක් කිසිම වගතුවක් නොමැති බව දන්නා නිසායි. රටට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරවලට අනවශ්‍ය ප්‍රශ්න දමන්න ඉස්සෙල්ල ආණ්ඩුව දෙවරක් සිතා බලන්න ඕනේ. කුඩාපරිමාණ සංචාරක හෝටල් හිමියන් කියන දේවල්වලට ආණ්ඩුව මිට වැඩිය ඇහුන්කන් දෙන්න ඕනේ...
ඕකේ ලියාපදිංචි වෙන්නත් අල්ලසක් නැතුව බැහැ.
සංචාරක මණ්ඩලේ සමහර නිලධාරීන්ට ඉංග්‍රීසි ටිකක් හරියට කතාකරගන්නවත් බැහැ , බොහෝ දුරට සංචාරක මණ්ඩලේ පළාතේ නායකයා වශයෙන් පත්කරලා එවන්නේ දේශපාලන හෙන්චියෙක් ඔහුට මේ විෂය ගැන කිසිම දැනුමක් නැහැ ,මේ ගොල්ලට අපේ රටට එන සංචාරකයන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවයන් වැනි දේවල් ගැන කිසිම දැනුමක් නැහැ ,නිතරම සංචාරකයන් සමග කටයුතු කරන නිසා සංචාරක හෝටල් කළමනාකරුවන් සහ සුළුපරිමාණ සංචාරක වියපරිකයන්ට මොවුන්ට වැඩිය මේ ගැන හොඳ දැනුමක් තිබෙනවා , මේ නිලධාරී කොහොමද අපිට උපදෙස් දෙන්නේ ? ඔය සංචාරක මණ්ඩල වල ලියාපදිංචි වීම කැමති කෙනෙකුට පමණක් කරන්න කියන්න අනිත් කට්ටියට කැමති විදිහට වියපර කරගෙන යන්න නිදහස දෙන්න