IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දේශීය ව්‍යවසායකයන්ට ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ලාංඡනය

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් දේශීය ව්‍යවසායකයන් වෙත "මේඩ් ඉන් ශ්‍රී ලංකා"(Made in Sri Lanka) ලාංඡනය ලබා දීම කොළඹ දී සිදු කෙරිණි.

නිෂ්පාදනයේ දේශීයත්වය නිරූපණය කිරීම සඳහා මෙම නිෂ්පාදන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන අතර ඉන් 100% ප්‍රමාණයක්, ශ්‍රමය, තාක්ෂණය, අමුද්‍රව්‍ය සහ මානව සම්පත් දේශීයව භාවිතා කරන්නේ නම් එය 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස සලකා මම නිෂ්පාදන සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.

එසේ තෝරාගත් ව්‍යවසායකයින් පනස් දෙනෙකුට නොමිලේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

 



අදහස් (7)

දේශීය ව්‍යවසායකයන්ට ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ලාංඡනය

Alshad Thursday, 01 April 2021 02:00 PM

මේ අය දෙන සහතිකවල වටිනාකමක් තියෙනවද?

:       5       15

senaFriday, 02 April 2021 07:47 AM

ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දැන් ඔය සහතිකේ ලැබිච්ච නිෂ්පාදනවලට විදේශීය වෙළඳපලෙන් ඉල්ලුම් ඒවිද? කිසිම වැඩපිළිවෙළක්, දැක්මක් නැති මිනිස්සුන්ගේ විකාර වැඩක්..

:       5       12

Rata Perata Thursday, 01 April 2021 03:26 PM

කවුද මේ..? මේ ඉස්සරහින් තියාගෙන ඉන්නේ? ඇත්තටම අපේ රට මෙච්චර බංකොළොත්ද?

:       5       13

Pradeep Friday, 02 April 2021 05:19 PM

දැන් ඔය සහතිකය දුන්නාම දේශීය ව්‍යවසායකයින් ආරක්ෂිතයිද? විමල් මහත්තයෝ. ඊට කලින් දේශීයව නිපදවිය හැකි අති විශාල ප්‍රමාණයක් වූ භාණ්ඩ සහ නිෂ්පාදන ආනයනය නවතලා හිටියොත් හොඳයි නේද? කොහු ලණු, ඉඳිකටු, ඇල්පෙනෙති කුඩා කොණ්ඩ කටු (ක්‍රේල් කටු) ඇතුළු දේශීයව නිපදවිය හැකි භාණ්ඩ චීනයෙන් ගෙන්වමින්, ඊට අමතරව දේශීයව වගා කළ හැකි බවබෝග, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවලින් ගෙන්වමින් වෙනකක් තබා සියඹලා පවා තායිලන්තයෙන් ගෙන්වමින් කරනා මේ විනාශය පළමුව නවතා දමන්න. අපේ බොහොමයක් පාලකයින්ට අලි ගමන් කරනා මාවත් පෙනෙන්නේ නෑ. ඔවුන් දකින්නෙම කූඹින් ගමන් කරනා මාර්ග..

:       1       9

Lanka Saturday, 03 April 2021 03:04 AM

මොනවා කළත් හොඳක් නැති මිනිස්සු ඉන්න රටක් මේක... !!! 

:       10       17

rathgama Sunday, 04 April 2021 10:05 AM

ඇයි මීට ඉස්සෙල්ලා ලංකාවේ නිෂ්පාදන වල ලිව්වේ ‘‘රෙද්ද‘‘ කියලා...?

:       1       2

Bamunuarachchi Monday, 05 April 2021 02:38 AM

වාහන ටයර් ගන්න ගියවෙලාවේ ලොකු ට්‍රක් ටයරයක මේඩ් ඉන් ශ්‍රීලංකා කියලා තිබෙනවා දැක්කාම විසාල සතුටක් ඇති වුණා. හැබැයි ප්‍රමිතිය ගැන නම් දන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site