IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දඹුල්ලේ එළවළු මිල ඉහළ‍ට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද(29) විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වෙළෙන්දෝ පවසති.

වැසි සහිත  කාලගුණික තත්ත්වයත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම සහ ලැබෙන එළවළු  නිසි ප්‍රමිතියකින් තොර වීම හේතුවෙන් ඉල්ලුම වැඩිවී මිල ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පවසයි.

අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 250ක් ද, කරවිල කිලෝවක තොග මිල රුපියල් 250 ක්ද, මාලුමිරිස් කිලෝවක් රුපියල් 300 ක්ද, කැරට් කිලෝවක් රුපියල් 260 ක්ද වශයෙන් අද අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

ගෝවා කිලෝවක් රුපියල් 120ක්, දඹල කිලෝවක් රුපියල් 140ක්, බෝංචි කිලෝවක් රුපියල් 100ක්, තුඹ කරවිල කිලෝවක් රුපියල් 240ක්, මෑකරල් කිලෝවක් රුපියල් 140ක්, වම්බටු කිලෝවක් රුපියල් 70ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 80ක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබුණු එළවළුවල තොග මිල සටහන්ව තිබිණි.

සිල්ලර වෙළෙඳ පොළේ මෙම එළවළු වර්ග මීට වඩා දෙගුණයකින් පමණ වැඩි මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති.

දඹුල්ල නගරයේ සිල්ලර වෙළඳසැල්වල කරවිල කිලෝවක් රුපියල් 300 ක්ද, වම්බටු කිලෝවක් රුපියල් 120ක්ද, එළබටු  කිලෝවක් රුපියල් 160ක්ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 500 ක්ද, තක්කාලි කිලෝවක් රුපියල් 180ක්ද, බෝංචි කිලෝවක් රුපියල් 180ක්ද, වැටකොළු කිලෝවක් රුපියල් 100ක්ද, කැරට් කිලෝවක් රුපියල් 160ක්ද, ගෝවා කිලෝවක් රුපියල් 160ක්ද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100ක්ද, ලෙස එළවළු අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

උත්සව සමය සහ වර්ෂාවත් සමඟ එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවය සහ ඉල්ලුම වැඩිවීම ජනවාරි මාසය පමණ වන තුරුත් පැවතිය හැකි යැයි විජේරත්න මහතා සඳහන් කළේය.



අදහස් (3)

දඹුල්ලේ එළවළු මිල ඉහළ‍ට

සනත් කුමාර සිංහ Monday, 10 April 2023 05:47 PM

අද අප්‍රේල් 10 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් හරියට එවන්න..

:       1       7

මලිත් Sunday, 03 September 2023 12:19 PM

අද දවස තුළදී දඹුල්ලේ එළවලු මිල හරියටම...

:       0       3

මලිත් Sunday, 03 September 2023 12:21 PM

දඹුල්ලේ එළවළු මිල හරියටම...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site