ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධාන අංශ තුන යටතේ බහුවිධ අර්බුද ප්‍රතිචාර වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. මෙහි සෞඛ්‍ය හා පෝෂණය අංශය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී ‘පාසල් දිරිය’ නමින් පෝෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.
ලෝක ළමා දිනය සැමරීමක් වශයෙන් 2022 ඔක්තෝබර් 3 වැනිදා නිල වශයෙන් දියත් කරන ලද මෙය, පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා දරුවන් දහස් ගණනකට සෙත සැලසූ වැඩසටහනක් විය.
මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම විසිනි. ජෝන් කීල්ස් සමූහයට අයත් Ceylon Cold Stores (Elephant House), Cinnamon Hotels & Resorts, Jaykay Marketing Service (Keells) සහ John Keells Propertiesයන සමාගම් ඊට සක්‍රීය ලෙස දායක විය.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ, හුදෙක් දරුවන්ට පෝෂණීය ආහාර ලබා දීමෙන් නොනැවතී, පාසලට පැමිණීමට ඔවුන් දිරිගැන්වීම, අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඔවුන් යොමු කරවීම සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීමය. එමෙන්ම තම මහජන දායකත්ව අරමුදල් (Crowd Funding) පදනම හරහා පාරිභෝගිකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලබාගැනීමෙන් මෙන්ම, තම ප්‍රධාන හවුල්කරුවකු වන සර්වෝදය ඇතුළු විවිධ හවුල්කරුවන්ගේ සහයෝගය සමගින් ‘Keells ළමා පෝෂණ වැඩසටහන’ තවදුරටත් ශක්තිමත් කිරීමට කීල්ස් සමාගමට හැකියාව ලැබිණි.
ආරම්භයේ සිට මේ දක්වා මෙම පෝෂණ වැඩසටහන නැගෙනහිර, දකුණ සහ බස්නාහිර යන පළාත්වල තෝරාගත් පාසල් 12ක පාසල් හා පෙරපාසල් දරුවන් මෙන්ම මධ්‍යම, උතුරු මැද, වයඹ, සබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වල පෙරපාසල් 34ක දරුවන් 4,187 දෙනකු සඳහා ආහාර වේල් 469,812ක් ලබා දී ඇත.
මීට අමතරව දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර පිළියෙල කිරීම පහසු කිරීම සඳහා පාසල් 10ක නිසි පහසුකම් සහිත මුළුතැන්ගෙවල් ඉදිකිරීම සහ ප්‍රජා උද්‍යාන 31ක් ස්ථාපිත කිරීම ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මේ දක්වා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 52 ඉක්මවයි.
මෙම වැඩසටහන තිරසාර ලෙස පවත්වාගෙන යාම සහ ඉදිරියේදීත් දරුවන්ට අඛණ්ඩව පෝෂ්‍යදායී ආහාර ලැබෙන බව තහවුරු කරගැනීම සඳහා ජෝන් කීල්ස් පදනම මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.
595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජෝන් කීල්ස් පෝෂණ දිරියට වසරක් සපිරේ
රනේ Sunday, 03 December 2023 10:42 AM
ස්තූතියි!..