IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩීඑල් මෝටර්ස් වෙතින් ලොතරැයි මණ්ඩලයට

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග්‍රාහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගිය දා බාරදෙනු ලැබීය.

ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ 35ක් පමණ වටිනා Mahindra KUV100NXT මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදී.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Mahindra KUV100NXT මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී

මේ වන විට Mahindra KUV100NXT මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට්‍රක් රථ ද මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.

ජාතික වකුගඩු අරමුදල මූලික කර ගිනිමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න වාසනා ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්, සුපිරි මෝටර් රථයක්, රුපියල් විසිලක්‍ෂයේ තෑගි, රුපියල් පන් ලක්‍ෂයේ තෑගි හා රුපියල් ලක්‍ෂයේ තෑගි මෙම ලොතරැයිපත මගින් ජයග්‍රාහකයන් වෙත පිරිනමනු ලබයි.

ඡායාරූපය

අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත Mahindra KUV100 NXT මෝටර් රථ බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

 



අදහස් (0)

ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩීඑල් මෝටර්ස් වෙතින් ලොතරැයි මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site