(හර්ෂණ තුෂාර සිල්වා)
චීන සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයේදී 92%කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් වසරේ (2019) පෙබරවාරි මාසයේදී චීනයෙන් පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 28,039 වූ නමත් පසුගිය මාසයේදී පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,096ක් යැයි ද එම බැංකුව සඳහන් කරයි.
පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස දෙකේදී චීන සංචාරකයන්ගේ පැමිණීම 55.1%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

පසුගිය වසරේ සමස්ත සංචාරක පැමිණීම්වලින් (167,863න්) 9%කට හිමිකම් කියා ඇත්තේ චීන සංචාරකයන් වන බව ද මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ජනවාරි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම් 6.5%කින් සහ පෙබරවාරි මාසයේ සමස්ත සංචාරක පැමිණීම් 17.7%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාසිකව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ.
2019 වසරේ ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 244,239කු පැමිණ ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 228,434කු පමණි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සංචාරකයන් 252,033 දෙනකු පැමිණ ඇති අතර එය මේ වසරේදී 207,507 දක්වා අඩු වී තිබේ.
COMMENTS
මහා බැංකු වාර්තාවේ යටින්ම සඳහන් වෙනවා... "ඒ වගේම මෙරට බල්ලන්, බළලුන්, වවුලන්, මීයන්ගේ ගහනයේ වැඩිවීමකුත් වාර්තා වෙනවා. .." කියලා.
ඔය චීන සංචාරකයන් ලංකාවට අාවාට ඔවුන් නවාතැන් චීනෙට එති.. ශැන්ග්‍රිල්ලා වැනි හෝටල්වල, සංචාරය කරන්නේ චීනයේ නිපදවපු විශාල බස්වල, ඔවුන් වියදම් කරන මුදල් බොහෝවිට වක්‍රාකාරව නැවත චීනෙට යනවා. අනිත් කොට්ටාශය සංචාරක වීසාඅරන් ලංකාවට ඇවිත් නීති විරෝධී ලෙස රැකියා කරනවා. මොනවා වුණත් අපට සංචාරක ව්‍යාපාරයෙන් වැඩිම අාදායමක් ලබාදෙන්නේ මධ්‍යම යුරෝපයේ ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින් එන සංචාරකයන්...