ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ කොටසක සැකසූ බිලියඩ් පුහුණු මධ්‍යස්ථානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අතින් විවෘත විය. ඊට මුල් වූයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාය.
ගම්පහ කොට්ඨාසයේ පොලිසි 12 සිටින පොලිස් සාමාජිකයනට මේ ස්ථානයේ පුහුණුව ලැබිය හැකි බවත්, ඒ මගින් ඉදිරි වසරේ ජාතික මට්ටමේ තරගවලට පොලිස් සාමාජිකයන් යොමු කිරීමට අදහස් කරන බවත්, පොලිස් නිලදාරීන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවත් බිලියඩ් කාමරය විවෘත කරමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසීය.
ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන සඳසිරි බණ්ඩාර, චන්දන කොඩිතුවක්කු සහ පුෂ්පකුමාර පෙරේරා මහත්වරු ද, ගම්පහ කොට්ඨාසයේ පොලිස් දොළහේ ස්ථානාධිපතිවරුන් ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලාගෙන එන අපරදකරයන්ට බිලිඔඩ් වලට බැහැල රාළහාමි ගහන බෝල අල්ලන හොද අවස්ථාවක්.තරගයේ උච්චතම අවස්ථාවේදී පොලීසියේ ඉස්සරහ දොරින් පැනලත් ය හැකි වේවි. (අ)
ඔච්චරයි අඩුවට තිබුනේ... (අ)
අනේ අපේ පොලොසියට අඩුවට තිබුනේ ඔන්න ඔච්චරයි. ඇයි ජිල් ගහන්න පුහුණු කළා නම් මීට වැඩ ඵලදායී නේද? ජිල් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්නත් පුළුවන්. (නි)
කරන්ට වෙන දේවල් නැද්ද?(නදී)
මේක හොද වැඩක්, පොලිස් නිලදාරින්ටත් මානසික සුවයක් ලබන්න හොද අවස්ථාවක්.(නදී)
කමක් නැහැ, නිලධාරීන්ටත් නිදහසක් තියෙන්න ඕනෑ. රාජකාරියත් අවංකවම කරනවා නම් ගොඩක් හොඳයි (දී)
ගම්පහ පොලිසිය ගැන කියපු නිසයි මේක කියන්නෙ. රටේ විදුලි අර්බුදයක් තියනවලු. ඒ වුනාට ගම්පහ පොලිසිය පරණ තිබුනු තැන තවම කෑල්ලක් තියනවා. රෑට ගිහින් බලන්නකො දාලා තියන ලයිට් තොගේ. මම බොරුද කියන්නෙ කියලා දැකපු අය දන්නවා ඇති. (දී)
අනේ පොකෙට් බිලියඩ් ද ? අපේ සීය කැප්ටන් හැමවෙලාවේම කලිසමේ සාක්කුවෙමයි අත්දෙක. (අ)
නිල්මිණි, මොකක්ද අනේ පොකෙට් බිලියඩ් කියන්නේ අලුත් සෙල්ලමක් ද ? (අ)
නාලක කිව්වා වගේ, මේ රට දැන් කොහෙද මේ යන්නේ? පොලිසිය ක්‍රීඩා කරන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. නමුත් රටේ අපරාද අහස උසට. මෙයාල බෝල අල්ලනවා. කොහොමත් වැඩි දෙනෙක් කරන්නෙම ඒකනේ අපේ රටේ. ඔහොම යන්, ඔහොම යන් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි.(නදී)
ඔව්වා ගහන්න අපිට එන්න බැරිද ? (නි)
මම ඉන්න රටේ මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ඝනයට නම් වැටෙන්නෙ නැහැ (නි)
මෙන්න මෙයාටත් ටිකක් පුරුදු කරන්නකෝ, හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක් හා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් නමුත් සැකකාර උප පොලිස් පරීක්ෂක නොසිටි බව හෙට්ටිපොල පොලිසිය කියයි. (අ)
ඔය මේසෙ අලුතෙන් දාපු එකක් නෙමේ නේ. ඕක ඔතන තියෙන්නේ අවුරුදු 20 විතර කාලේ ඉදලා. (නි)
පොලිසිය කරන්න ඕන දේවල් නෙමේනේ කරන්නේ. මිනිමරනවා,අරක්කු පෙරනවා ,මාල කඩනවා ,ඇටබෝල ගහනවා මේවා කරලා රජයෙන් පින් පඩියකුත් ගන්නවා.(නදී)
එතකොට රාලහාමිලටත් මේ පොල්ලෙන්ම සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවද? මම එහෙම ඇහුවේ පොලිසි ඇතුලේත් දැන් නිලදාරීවාදය තියෙන නිසයි (නි)
මගේ තාත්තත් පොලිසියේ හිටියේ. ඉස්සර හැම ලොකු පොලිසියකම මේ වගේ බිලියඩ් මේස තිබුණා. පස්සේ ඒවා ගැන අගයක් දන්නේ නැති පොලිස් ප්‍රධානියෝ ඒවා විසිකළා. දැන්වත් අගය දන්නා අය පත්වෙන එක හොඳයි. මානසික පිඩාවට මේවයේ අගය තේරුම්ගන්න ඕනෑ. (නි)
අයිස් අයිස් බේබි.(නදී)
පොලිසිය තියෙන්නේ ඇට බෝල ගහන්නද? නැහැ මම මේ නිකමට වගේ ඇහුවේ... (නදී)
ලොක්කෝ සෙට් වෙන තැනක් නොවී ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාව ලැබුනොත් හොඳයි. නමුත් පොලිසියේ රාජකාරි කරන අයට වඩාත්ම සුදුසු ඇතුලත ක්‍රීඩා නොව පිටත පරිසරයේ සිදුකරන කායික ක්‍රීඩා බව අපේ හැගීමයි. (අ)
අඩුවකට තිබ්බේ ඕක විතරයි,මෙච්චර කල් පොකෙට් බිලියඩ්නේ ගහ ගහා හිටියේ (නි)
නිසි පුහුණුවක් නොමැතිව සෙල්ලම් කරලා මේස රෙද්ද ඉරුනොත් ඒ කාලේ 1970 ගණන්වල දඩය රුපියල් 5000 යි. අපේ ක්ලබ් එකේ දැන් කීයක් වෙනවද දන්නේ නැහැ. ඔය මේසයක් පවත්වාගෙන යාමත් අධික වියදම් යන වැඩක්. (නි)
මාරු, පොලිසියට අල්ලගෙන එන අපරාධකාරයන්ටත් මේකෙන් පුහුණු වෙන්න පුළුවන් වෙයි වගේ. (නි)
හොද වැඩක් මල්ලවපොර වගේ දෙයක් නම් ගොඩක් හොඳයි (අ)
නිකන් ඉන්න වෙලාවට ඉතින්.......... ;) (නි)