ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල මැතකදි පැනවු වැට් බද්ද සමග ඉහළ යාම හා ජීවන වියදම ඉහළ යාම නිසා ගිනිකෙළි කර්මාන්තයටද විශාල ගැටලුවක් වී ඇති බවත් ගිනිකෙළි ආශ්‍රිත නිපැයුම් වල මිල වැඩි කිරිමට සිදුවි ඇති බවත් එම කර්මාන්තකරුවෝ කියති.
මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවැසුයේ මැතකදි පැනවු වැට් බදු හා ඩොලරයේ අගයට සාපේක්ෂිව රුපියලේ අගය අවම වීම සමග ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල සියයට 20 කින් පමණ වැඩි වීමත් සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය රජය විසින් 2500 කින් පමණ ඉහළ දැමිම නිසා ගිනිකෙළි නිෂ්පාදනයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි.
ඉදිරියේදි ළගාවන උත්සව සමයට අවශ්‍ය විසිතුරු ගිනිකෙළි නිෂ්පාදනය අමුද්‍රව්‍ය හිගකම නිසා සියයට 40 කින් පමණ අඩු වි ඇති බවද දයානන්ද මහතා පැවැසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ ගෙවල්වල සැරසිලි තිබුණත් රතිත්ඤා පත්තු කිරීම සපුරා තහනම්. නිදහස් දාට (ජුලි 4) පමණක් පොදු තැන්වල අවසර ඇතුව මල්වෙඩි පවත්වනවා. ගෙවතු වල වෙඩි දැල්වීම තහනම් කර තිබෙන්නේ පුද්ගල ආරක්ෂාව සහ සුරතල් සතුන් බියවැද්දීම හේතුකොටගෙනය. ඊයේ නත්තල් රෑ වොෂින්ටනයේ කිසි වෙඩිල්ලක් නොඇසුනි. (නි)
මොන කර්මාන්තයත් ටිකෙන් ටික අභාවයට තමයි යන්නේ (නි)
ජාතියට මල් වෙඩි, ගිනි කෙළි පෙන්වන්න මේ කර්මාන්තයේ යෙදී ඉන්න අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් යොදා නැති බව පේනවා. වෙඩි බෙහෙත් වැනි රසායනික ද්‍රව්‍යය පෙනහැලි වලට යාම වැළැක්වීම සඳහා මුඛවාඩමක් හෝ පැළඳීමට සේවකයන්ට පහසුකම් සපයා නැහැ. (නි)
ලංකාවේ මොන රස්සාවේද සෞඛ්‍යය ගැන හොයා බලන්නේ සත්‍යා.....(බ)
හැමෝටම සහනාධාර ඕනෑවෙයි.