IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කෘෂි අපනයන ගම්මාන 5000 ක් පිහිටුවීමට පියවර

නිමල කොඩිතුවක්කු)

රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට කටයුතු කරන බව සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

මේ වසර තුළදී ප‍්‍රදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් එම කෘෂි අපනයන ගම්මාන පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම කෘෂි අපනයන ගම්මාන සදහා අවශ්‍ය පැළ, තාක්ෂණය ඇතුළු අනිකුත් පහසුකම් සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් ලබාදිමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ලබන වසර තුළදී එම වැඩකටයුතු අවසන් කිරිමට නියමිත බවත් කෘෂි අපනයනය කඩිනමින් දෙගුණ කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා කීවේය.

මෙයට සමගාමීව  ඇල්පිටිය, අම්පාර සහ මාතලේ ප‍්‍රදේශවල  වල කෘෂි අධිකලාප 03ක් පිහිටුවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (7)

කෘෂි අපනයන ගම්මාන 5000 ක් පිහිටුවීමට පියවර

saranapala Sunday, 12 August 2018 10:34 AM

වැඩේ හොඳයි. මෙච්චර පරක්කු වුනේ ඇයි?

:       127       29

BamunuarachchiWednesday, 15 August 2018 01:01 AM

පරක්කු උනේ ඇයිද අහනවා. මේවනවිට දසලක්ෂයකට රැකියාවල් දුන්නා, ෆොක්ස්වැගන් කාර් පක්ටරියක් දැම්මා, බදු ගැහැව්වා එකයි පරක්කු උනේ. මේකත් ෆොක්ස්වැගන් පක්ටෙරියවගේම කරලාදෙන්නම්, අහිතක් හිතන්න එපා.

:       43       16

raawana Sunday, 12 August 2018 04:33 PM

එයට කලින් පිටරට ආනයනය කිරීම නවත්වන්න

:       45       109

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ Tuesday, 14 August 2018 12:49 AM

විහිළු කථා. 1977 න් පසුව බලයට පැමිණි එ.ජා.ප. රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ද මෙවැනිම යෝජනාවක් ගෙන ආවා. පරණ ගමක් ඒ සදහා විවෘත කළා. දැන් ඒවා කොහේද? පරණ තැටි කබල්ගාන්න එපා.

:       18       45

nimal Wednesday, 15 August 2018 04:39 AM

ආණ්ඩුව පත්වලා අවුරුදු 3 ක් ගහින් ඊළඟ චන්දෙ ලන් වෙන කොට තමඉ ඔක්කොම මතක් වෙන්නේ.

:       34       16

yaha Saturday, 18 August 2018 06:19 AM

අනේ ඔය 5000 ක් පටන් ගන්න වෙලාවේ එකක්වත් පටන් ගෙන පෙන්නන්න. ලොකු ගණන් වලින් කතා කරලා ඕවා ගැන අධ්‍යනය කරන්න ලොකු සල්ලියක් වියදම් කරලා. ඒවා සාක්කුවේ දාගෙන වැඩේ එතනින් ඉවර කරනවා…….

:       0       0

Nadeesha Tuesday, 28 August 2018 04:22 AM

ගොඩක් එකවර හදන්න කලින් එක ගමක් හරියට හදල පෙන්වන්න. එමගින් ප්‍රතිලාබ ගන්න ගොවින් පෙන්වන්න. පස්සේ අනික් නගරවලටත් එය ක්‍රියාත්මක කරන්න. හැමදාමත් ව්‍යාපෘති හදනවා විතරයි. ඒවා නැවත පරීක්ෂා කරලා ඒවායේ වැරදි අඩුපාඩු බලල ඊළඟපාර වැරදි අඩුවෙන් වෙන විදිහට ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. එකෙන් වෙන්නේ ව්‍යාපෘතියට යොදවපු මුදල් අපරාදේ වෙන එක. වසරක් දෙකක් යනකොට අර ව්‍යාපෘතිය හැමෝටම අමතක වෙලා කලින් හිටපු විදිහටම පත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 160 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 231 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1101 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site