IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ

වී කිලෝවකට රැ.150ක්වත් නැත්නම් පාඩුයි

මේ කන්නයේ වුණේ 

ලෙ​ාකු ආර්ථික පාඩුවක්

ගොවියාත් සහල් පාරිභෝගිකයාත් දෙපිරිසම අමාරැවේ


මනම්පිටිය නිමල් ජයරත්න 


පොලොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කළේය. එම කුඹුරුවල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී මිලදීගැනීමේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා පොලොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් වී මිල පහත දමා ඇති බව දිඹුලාගල ගොවීහු චෝදනා කරති. මෙවර දිඹුලාගල මහවැලි කොට්ඨාසයට  අයත් ඉද්දෙපිච්ච වැව බෙදුම්මල ගොවිසංවිධානය මගින් කුඹුරු අක්කර 700 කට ආසන්න සංඛ්‍යාවක් පළමුවරට මැද කන්නයේ වගා කළ අතර එම වී අස්වනු නෙළීමත් සමග පොලොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවල වී මෝල් හිමිකරුවන් වියළන ලද වී නාඩු වී කිලොවක් රුපියල් 110 කටත් අමු නාඩු වී කිලෝවක් රුපියල් 108 කටත් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ගොවීහු කියති.

එලෙස තුට්ටු දෙකට ලබාගන්නා වී  තොග සහල් බවට පත්කර  පොලොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන්  ඒවා සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් මෙම තත්වය සැලකිල්ලට ගනිමින් රජය ඉතා කඩිනමින් තමන්ගේ වී සාධාරණ සහතික මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළයුතු බව දිඹුලාගල ගොවීහු පෙන්නා දෙති.  මෙවර මැද කන්නේ වගා කරන ලද  තම වී වගාවෙන් කොටසක්  පසුගිය කාලය පුරා ඇදහැලුණු අධික වර්ෂාවට හසුවීමත් සමඟම නෙළීමට නොහැකි මට්ටමේ පවතින බවත්, ඇතැම් වී අස්වනු සහ ගොයම් වර්ෂාවට හසුවීමෙන් විනාශ වී ඇති බවද ගොවීහු ප්‍රකාශ කරති. මහවැලි බි කලාපයේ ඉතිහාසයේ පළමුවරට දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ මැද කන්නයේ වගා කරන ලද නාඩු වී කිලෝ ලක්ෂ එකොළහක් රජයට ලබාදීමට සූදානම් වුවද රජය එම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, මෙම තත්වය මත පිටරටින් සහල් ගෙන්වා පාරිභෝගයන්ට වැඩි මිලට සහල් අලෙවි කිරීමට පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන්ට ඉඩ සලසා දීම බරපතළ අසාධාරණයක් බවද දිඹුලාගල කොට්ඨාසයේ ඉද්දෙපිච්ච වැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති උෂාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

වී වගාව සඳහා යෙදවුම් මෙන්ම තෙල් පොහොර සහ අනෙකුත් වියදම් සලකා බලන කල අක්කර දෙකහමාරක කුඹුරක් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ  හතරත්, හතර හමාරක වියදමක් පමණ යන බවත්, එම වියදම් පියවා ගැනීමට නම් මෙවර රජය මගින් වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කළ යුතු බවද වික්‍රමසූරිය මහතා කීවේය.  බලයට පත්වන ආණ්ඩු යල මහ දෙකන්නයේදීම ගොවියාගේ වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නො කිරීම නිසා ගොවියාගේ වී අස්වනු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් සහ වී මෝල් ව්‍යාපාරිකයන්ට තුට්ටු දෙකට  ලබාදීමට ගොවියාට සිදුව ඇති බවත්, එලෙස ලබා ගන්නා වී තොග මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහල් බවට  පත්කර සහල් කිලෝවක් රුපියල් දෙසිය පනහකට වැඩි මිලකට අලෙවි කිරීම හරහා ගොවියාටත් සහල් පාරිභෝගිකයාටත්  දැඩි අලාභයක් සහ අසාධාරණයක් සිදුවි ඇති බවද වික්‍රමසූරිය මහතා පෙන්වා දුන්නේය. දිඹුලාගල සොරුවිල මෙවර මැද කන්නයේ වී වගා කළ ගොවි මහතකු වන 58 වියැති යූ.එම්.සිරිපාල    මහතා, මෙවර මැද කන්නයේ නෙළූ වී අස්වැන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තුට්ටු  දෙකට ලබාදීමට සිදුවීමෙන් ආර්ථික වශයෙන් සිදුව ඇති හානිය මෙලෙස කීවේය..

 ''  අක්කර දෙක හමාරක කුඹුරක් වී වගාව කිරීම සඳහා යන වැඩ කුලී, පොහොර,තෙල්, වියදම්, සීසාන්න වගේම බිත්තර විවලටත් ගත් කල රුපියල් ලක්ෂ හතරක්, හතර හමාරක් යනවා. සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින්  වී කිලෝ 5000 ක් ලබා ගත්තොත්, වී කිලෝවක්  රුපියල් සීයකට දුන්නොත් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි වි  කිලෝවකට ආණ්ඩුවෙන් රුපියල් 150  ක සහතික මිලක් ඉල්ලන්නේ.ගොවි සංවිධාන, ගොවියා එක්ක සාකච්ඡා නොකර රජයට හිතුණු සහතික මිලක් නියම කරනවා. ඉතින්  ණයතුරුස් ගෙවා ගන්න ඒ මිලට වී ටික දුන්නට පස්සේ අතින් පාඩු සිද්ධ වෙනවා. හැම සැරේම අපිට සිදුවුණේ ඔය ටික.මොන ආණ්ඩුවක් බලයට පත්වුණත්  වී ගොවීන් ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙනවා. ඒ වගේම වී වගාවට නිසි මිලක් නොමැති කම නිසා හැමදාමත් අපිට වී වගාවෙන් මහා පාඩුවක් වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවුරුදු ගාණක් වී ගොවින්ගේ ප්‍රශ්න සමග සටන් කළා. උද්ඝෝෂණය කළා.  එතුමත් නිහඬව සිටියා. ඉතින් ගොවියාගේ දහඩිය,  කඳුළ, හඳුනන නාමල් කරුණාරත්න මහතාගෙන් අපි ඉල්ලීමක් කරනවා ගොවියාගේ වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක්වත් ලබා දෙන්න කියලා,

මහවැලි බී කලාපයේ වැලිකන්ද නෙළුම්වැව ගම්මානයේ  එච්. එම්. ධර්මපාල මහතා මෙවර වී අස්වනු  පිළිබඳව මෙලෙස අදහස් දැක්වූයේය.

''මහවැලි බි කලාපයේ ගොවීන් විසිපන්දහකට වැඩි ගණනක් අක්කර හැටපන්දහසක් පමණ යල මහා දෙකන්නයේ වී වගා කරනවා. මේ හැම ගොවියකුගේම කුඹුරු, අඩු, වැඩි, වශයෙන් පසුගිය වර්ෂාවට අහුවෙලා විනාශ වුණා. පීදෙමින් තිබෙන ගොයමත් අහුවෙලා ලොකු විනාශයක් වුණා. ගංවතුරට අවස්ථා තුන හතරකදීම අපේ කුඹුරු යටවුණා. පූදින වයසේ ගොයම් යටවුණාට පස්සේ අස්වැන්නක් ලැබෙනකම් අපිට ලබාගත හැකි ප්‍රමාණයක් කියන්න බෑ. ඒ නිසා අපිට වගේම මහවැලි බී කලාපයේ ගොවියාට මෙවර සාර්ථක වි අස් වැන්නක් ලබාගන්න බැරිවෙයි. ඒ නිසා ලොකු ආර්ථික පාඩුවක් අපිට සිදුවෙයි. රිදීපොකුණ ඩි 09 ගොවි සංවිධානයෙන් කුණු  ඇළක් කපපු නිසා මාදුරුඔය ආපු මහා ජලකඳක් අපේ, පීදෙමින් තිබූ කුඹුරු අක්කර හැට හැත්තෑවක් විනාශ වුණා. ගොවියෝ හතළිහකට පනහකට විතර ඒකෙන් වී අස්වැන්නක් ගන්නම විදිහක් නෑ.මෙම සියලු තත්වය සැලකිල්ලට ගෙන වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කරන ලෙස ජනාධිපතිතුමාගෙ වගේම කෘෂිකර්ම බලධාරින්ගෙන් අපි මහවැලි බි කලාපයේ ගොවියෝ හැටියට ඉල්ලීමක් කරනවා යැයි ද ධර්මපාල මහතා කීවේය.  

 මේ පිළිබඳව රජය නියෝජනය කරන පොළොන්නරුව දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සුනිල් රත්නසිරි මහතාගෙන් කළ විමසීමකදි ඒ මහතා සඳහන් කළේ ගොවියා වී කිලෝවක්  නිෂ්පාදන කිරීමට යන වියදම් සැලකිල්ලට ගනිමින් සාධාරණ සහතික මිලක් මෙවර නියම කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.  

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව පො​ෙලාන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයකු සඳහන් කළේ මෙවර රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සමූපකාර හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ගබඩා ශුද්ධ පවිත්‍ර කරමින් මෙම මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්ය.



අදහස් (1)

කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ

Hasith Thursday, 06 February 2025 06:20 PM

දේශගුණික හේතු මත වගාහානි වුණු ඒවා වී මිලට එකතු කරලා දෙන්න කියන එක සාධාරණයි නේද? වගා හානි වෙනුවෙන් රජයෙන් වෙනම රක්ෂණ වන්දි ලබාගන්න ඕනෑ... මොකද බත් මේ රටේ ප්‍රධාන ආහාරය... හාල් මිල අහස උසට වැඩි වුණාම මිනිස්සු කන්නේ මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

’’ජීඑස්පී ප්ලස්: ඩෝ.බි 1.23ක් අහිමිවන අවදානමක්’’ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම වාර්තාව කියයි
2025 මාර්තු මස 24 75 0

යුරෝපා සංගමය මෙරටට ලබාදී ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23 ක් මුදලක් ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන


අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට
2025 මාර්තු මස 24 62 0

පසුගිය සතියේදී පැවැත්වුණු තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ තේ කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 4.8ක් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2024 නොවැම්බර් මාසයේ 26/27 පැවැ


එච්.එස්. කේත යාවත්කාලීන නොවීමෙන් වාහන ආනයන බදු අනවශ්‍ය ලෙස ඉහළ ගිහින්
2025 මාර්තු මස 24 35 0

මෙරට පවතින පැරණි එච්.එස්. කේත ක්‍රමය හේතුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු දෙමුහුම් මෝටර් රථ ශ්‍රී ලංකා රේගුව විසින් දෙමුහුම් නොවන මෝටර් රථ ලෙස නම් කර ඇති බවත්


ඇම්බියොන් කැපිටල් ඩොලර් මිලියන 18ක ණයක් ගන්න යයි
2025 මාර්තු මස 24 34 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි AMCH Limited නම් සමාගමකින් ඩොලර් මිලියන 18ක ණයක් (ආසන්න වශයෙ


බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සියෙරා කේබල්ස්හි අයිතිය ඉහළ නංවා ගනී
2025 මාර්තු මස 24 8 0

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සියෙරා කේබල්ස් පීඑල්සී ස


ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්
2025 මාර්තු මස 24 6 0

ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් ක්‍රියාකාරකම් නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධික


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 258 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1221 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site