IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඊ ජේ සී අඹ වලින් ලක්ෂ 70 ක ආදායමක්

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද  කළු ගඟ වාරි ව්‍යාපෘති භූමියට අයත් ගුරවෙල ගොවිපලේ වගාකර ඇති ටොම් ඊ ජේ සී අඹ වලින් රුපියල් ලක්ෂ හැත්තෑවක ආදායමක් උපයා ගත් බව ව්‍යාපෘති කාරියාලය කියයි.

අක්කර 65 ක භූමි ප‍්‍රදේශයක පවතින ගුරුවෙල ගොවි බිමේ ටොම් ඊ ජේ සී අඹ විශේෂයේ ගස් 1500 ක් පවතියි.

මහවැලි අධිකාරියට අයත් මෙම ගොවිපලේ කිලෝ ග‍්‍රෑම් හැට දහසක පමණ අඹ අස්වැන්නක් ලබාගැනිමට හැකියාව ලැබුණු බව මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා සඳහන් කළේය.



අදහස් (13)

ඊ ජේ සී අඹ වලින් ලක්ෂ 70 ක ආදායමක්

arschloch Thursday, 06 July 2017 08:27 PM

දැන් මේ අඹ පිටරටවලට ආනයනකරලා ආර්ථිකය නගා හිටුවනවාද නැත්තම් ලංකාවේ වෙළඳපොලවල විකුණලා ලංකාවේ යට අඔවල රස විඳින්නට සලසනවාද?

:       726       132

saman Friday, 07 July 2017 04:52 AM

ආනයන අපනයන වචන වල තේරුමවත් දන්නේ නැති අය , මට පෙනෙන්නේ දේශ පාලන හෙන්ච්යෙක් වගේ

:       3       588

MOHAN Friday, 07 July 2017 07:22 AM

ආදායම නොවේ, ලාබය කියන්න.

:       1       77

M.D.Piyathilaka Friday, 07 July 2017 08:30 AM

මේ අපගේ උත්සාහයේ ප්‍රතිපලයයි. මේ අඹ පිටරට වෙළඳ පලට විකුණා වටිනා විදේශ විනිමය ගෙන ඒමට ක්‍රියා කල යුතු වේ.

:       1       150

sam Friday, 07 July 2017 08:57 AM

මේ වගේ ආදායමක් දාන්න තරම් ලොකු පුවතක්ද? අක්කර 65 කින් වසරකට එක වාරයක් පමණක් ඵලදාව ලැබෙන අඹ වැනි වගාවකින් ලක්ෂ 70 ක් කියන්නේ අක්කරයකට වසරකට ලක්ෂයයි. එතකොට මාසික ආදායම රුපියල් අටදාහක් විතරයි නේද? ඕනෑම කුලී වැඩක් කරලා මේවගේ තුන් හතර ගුණයක ආදායමක් ගන්න උදවියගේ ආදායම ගැන කියන්නේ නැත්තේ ඇයි?

:       2       471

nirmalaSaturday, 08 July 2017 04:45 AM

මේ විශේෂිත අඹ වර්ගයක්. මෙම අඹ සදහා වාරය, අවාරය කියලා දෙයක් නෑ.

:       0       266

lalith Saturday, 08 July 2017 01:45 PM

ඉතාම හොඳ පර්යේෂණයක්, හොඳ ප්‍රභේදයක්. මේක වැඩිදියුණු කරන්නත් වසර ගණනාවක් ලක්ෂ ගණනින් වියදම් කරන්න ඇතිනේ? ඉතින් අර ගිවිසුම යටතේ වත් ඉන්දියාවෙන් අක්කර දහදාහක්වත් ඉල්ලගෙන වගාකළොත් ගිය වියදම හොයාගෙන ලාභ දායක විදියට පවත්වාගෙන යන්න පුළුවනි. අපේ රටේ ජාත්‍යන්තරයට ඇතිවෙන්න අඹ වගේ වගාවක් වවන්න ඉඩකඩ මදිනේ? කොහොම වුණත් තව ටික දවසකින් ඕකෙන් ඇට හරි, අංකුරයක් හරි අරන් ගිහින් ඉන්දියාව අක්කර ගණනින් ඔය අඹ වර්ගය වවලා පිටරට යවයි. මිට පස්සේ රටේ සල්ලි වියදම් කරලා පර්යේෂණ කරනකොට ආර්ථික වශයෙන් ඵලදායකව රටට අදායමක් ලැබෙන විදිහේ දෙයකට කාලය සහ ශ්‍රමය වැය කරනවා නම්...

:       0       7

ප්‍රසාද් Sunday, 09 July 2017 12:04 AM

ඉතාමත් සතුටුදායක පුවතක්. කාලෙකින් මෙහෙම දෙයක් දැක්කමයි හැමදාම වර්ජන ගර්ජන දැකලම එපාවෙලයි හිටියේ.

:       4       2

chaminda Sunday, 09 July 2017 07:12 AM

අන්න ඒ වගේ අහන්න සතුටු දෙයක් දාන්නකෝ... නැත්නම් මම අකමැති දේවල්මනේ වැඩියෙන් තියෙන්නේ...

:       3       27

kumar (galf) Sunday, 09 July 2017 12:04 PM

ලංකාවේ අපනයන මණ්ඩලය කියන්නේ තනිකර සුදු අලියෙක්, මෙයාලට පොල්කිරි ටින් එකක් පිටරට යවන්න හදා අවුරුදු 15 ක් විතර ගියා, තායිලන්තේ අවුරුදු 15 ක් තිස්සේ පොල්කිරි ටින් අපනයනය කෙරුවා. මම දැකලා තියෙනවා අපනයන මණ්ඩලයේ නිලධාරින් ඩුබායි රටේ ප්‍රදර්ශන වලට ආවාම හැසිරෙන හැටි, ඔලුව ඉදිමිලා, ඒ වුණාට නිෂ්පාදන ගැන දැනුමක් නෑ. ඊට අමතරව ඔළුව වැඩකරන්නේ රජයේ වියදමින් සාප්පු සවාරි ගහන්න. අන්තිමට මුදල් නාස්තිය විතරයි.

:       0       135

minipe Monday, 10 July 2017 07:46 PM

ලගදීම, අඹ සංස්ථාවක්.

:       0       36

kumar (galf)Wednesday, 12 July 2017 11:15 AM

ඇයි මිනිපේ අඹ ඇමතිකෙනෙක් ඉන්නවද?

:       0       16

mimi Tuesday, 11 July 2017 08:23 AM

ඊට පස්සේ අඹ ඇමති කෙනෙක් ....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site