IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊ.ඒ.පී ව්‍යාපාර සමූහය ආයෝජකයන් සමඟ එකඟතාවක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයේ අයිතිකරුවන් ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) ප්‍රකාශ කළේය.

 
ඇගයීම් ක්‍රියාවලිය ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයේ වත්කම් නියමිත පරිදි නියෝජනය නොකළ බව කී මහ බැංකු අධිපතිවරයා මූල්‍ය මණ්ඩලය පළමු ඇගයීම් වලට එකඟ නොවූ විට අයිතිකරුවන් ඇගයීම් අගය වැඩි කිරීමට එකඟතාව පළ කළ බවත් ඊට මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් කීවේය.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණ තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම බව කී මහ බැංකු අධිපතිවරයා නියාමකයා ලෙස මහ බැංකුවට මීට වඩා විස්තරයක් ප්‍රකාශ කළ නොහැකි බව ද කීය.
 
ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමට මුදල් ලැබෙමින් තිබෙන එම මුදල් වලින් සම්පූර්ණ අර්බුදය නොවිසඳෙන බව ද හෙතෙම පැවැසීය.
 
සිංගප්පූරු සමාගමක් ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයට අයත් ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමේ කොටස්වල ආයෝජනය කිරීමට එකඟත්වය පළ කර තිබූ බව ද වාර්තා විය. 
 



අදහස් (1)

ඊ.ඒ.පී ව්‍යාපාර සමූහය ආයෝජකයන් සමඟ එකඟතාවක්

nayanthi Friday, 06 April 2018 03:25 PM

අපි නම් දන්නේ නැහැ එකඟත්වය කුමක්ද කියලා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site