IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉදිකිරීම් කර්මාන්තය රාජ්‍යආයෝජනය මත යැපෙන්න ඕන නැහැ

තිරසාර හා ලාබද‌ායී ඉදිකිරීම් කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම වැදගත්

ඉදිකිරීම් අංශය පීඩාවට පත්වූ හැටිත් හෙළිකරයි

කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවා අවසන්

පසුගිය මාස කීපයේ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගතියක්

මෙරට ඉදිකිරීම් පිරිවැය ඉහළ මට්ටමක


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට තුළ තිරසාර හා ලාබදායී ඉදිකිරීම් කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඉදිකිරීම් කර්මාන්තය හමුවේ ඇති අභියෝග සහ අවස්ථාද එහිදී ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 14 වැනිදා ආරම්භ වූ “කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2025”‍ වෙළෙඳ ප්‍රදර්ශනයට පැමිණ සිටි පිරිස අමතමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ලාබදායී බලශක්ති විසඳුම් සහ පරිසර හිතකාමී ගොඩනැගිලි පිළිවෙත් එක්කරමින් තිරසාර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රවණතා සමඟ ශ්‍රී ලංකාව පෙළගැස්වීමේ අවශ්‍යතාව ආචාර්ය වීරසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
නව ව්‍යාපෘති සඳහා පමණක් නොව පවතින ගොඩනැගිලි සඳහාද ඉදිකිරීම් තුළ තිරසාරභාවය තිබීම ඉතාම වැදගත් බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයෝජන පහත වැටීම, ඉහළ අමුද්‍රව්‍ය පිරිවැය සහ ඉදිකිරීම් කර්මාන්තය රජයේ ව්‍යාපෘති මත යැපීම ඇතුළු බහුවිධ ආර්ථික පීඩන හේතුවෙන් ඉදිකිරීම් අංශය වඩාත්ම පීඩාවට පත්වූ කර්මාන්තවලින් එකක් බවට පසුගිය කාලයේදී පත්වුණු බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
රජය මූල්‍ය සීමාවලට ලක්වීම හේතුවෙන් යටිතල පහසුකම් වියදම් සීමා කිරීමට සිදුවූ බවත්, කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් ප්‍රමාද කිරීමට සිදුවූ බවත් පිළිගත් මහ බැංකු අධිපතිවරයා මේ වනවිට එම හිඟ මුදල් ගෙවා තිබෙන බව පැවැසුවේය. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රාජ්‍ය ආයෝජන සඳහා මුදල් වියදම් කිරීමට රජයට පසුගිය කාලයේදී ඉඩක් නොතිබූ බවත් ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වූ බවත් ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම රජය ඉදිකිරීම් කේෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් ගෙවීමට තිබූ හිඟ මුදල් දීර්ඝ කාලයක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන්ද කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූ බව ඔහු පැවැසුවේය. 
එපමණක් නොව විදේශ විනිමය හිඟය රුපියල අවප්‍රමාණය වීම, ඉහළ පොලී අනුපාත සහ වියදම් ඇතුළු සාධක කීපයක් හේතු වූ බවද ආචාර්යවරයා පැවැසුවේය. මේ සියලු‍ සාධක ඉදිකිරීම් කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල කළ බව සැවොම දන්නා කරුණක් බව මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් බොහොමයක් රජය මේ වනවිට ගෙවා අවසන් බවත් තමන් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. තවදුරටත් ඉදිකිරීම් කර්මාන්තය තුළ ගෙවීමට ඇති හිඟ මුදල් නොමැති බවත් ඉදිකිරීම් කර්මාන්තය පසුගිය මාස කීපයේදී ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයෝජන සඳහා රජය වෙන්කරන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඉදිකිරීම් කර්මාන්තය දරණ මතය බව තමන් දන්නා බවත් මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන 1.3 ක් රාජ්‍ය ආයෝජන සඳහා රජය වෙන්කර තිබෙන බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. මෙම මුදලින් විශාල කොටසක් ඉදිකිරීම් කර්මාන්තයට වෙන්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙවර අයවැයෙන් වෙන්කර ඇති විශාල මුදල දෙස බලනවිට අත්හිටුවා ඇති ව්‍යපෘති කීපයක් නැවත ආරම්භ කිරීම සඳහාද අවශ්‍ය මුදල් එයට ඇතුළත් වන බවට බලාපොරොත්තු විය හැකි යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිද නැවත ආරම්භ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේවා ධනාත්මක ලකුණු බවද ආචාර්යවරයා පැවැසුවේය. කිසිම විටකත් ඉදිකිරීම් කර්මාන්තය රාජ්‍ය ආයෝජන මත යැපීම සිදු නොවිය යුතු බව තමන් සැමවිටම ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඕනෑම රටක ඉදිකිරීම් යනු රජයේ ව්‍යාපාරයක් පමණක් නොවන බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
ඉදිකිරීම් කර්මාන්තය පෞද්ගලික අංශයට, අඩු ආදායම්ලාභීන්ට, මධ්‍යම ආදායම්ලාභීන්ට සහ සැමට ආර්ථිකය පුරාවටම වඩා පුළුල් දායකත්වයක් ලබා දෙනු ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිකිරීම් කර්මාන්තය වඩාත් විවිධාංගීකරණය විය යුතු බවත්, රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක මතම ඉදිකිරීම් කර්මාන්තය යැපිය යුතු බවත් ඔහු පැවැසුවේය.
පසුගිය දශක කීපය තුළදී ඉදිකිරීම් කර්මාන්තයේ විශාල කොටසක් වර්ධනය වී ඇත්තේ රාජ්‍ය ආයෝජන මත බවත් එය එක් කොටසක් මත රඳා පැවැතීම සිදු නොවිය යුතු බව පසුගිය වසර කීපයේදී අප උගත් පාඩමක් බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. තරඟකාරී වෙළෙඳපොළ සමග සංසන්දනය කරන විට මෙරට ඉදිකිරීම් පිරිවැය ඉහළ මට්ටමක පවතින බවත් දියුණු රටවල ඉදිකිරීම් පිරිවැය සමඟ ශ්‍රී ලංකාව තරඟ නොකරන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. කලාපයේ ශ්‍රී ලංකාව වැනි රටවල් සමග සංසන්දනය කිරීමේදීද මෙරට ඉදිකරීම් පිරිවැය ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඉදිකිරීම් කර්මාන්තය රාජ්‍යආයෝජනය මත යැපෙන්න ඕන නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 65 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 123 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 189 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 27 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1240 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site