ජී.එස්.පී. ප්ලස් අහිමි නොවුණා නම් අද වන විට ඇඟලූම් යනු රුපියල් බිලියන හයක (කෝටි 600ක) කර්මාන්තයක් යැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඇඟලූම් කර්මාන්ත සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කරමින් පැවසීය.
ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් කෝටාව පසුගිය රජයේ විවිධ කටයුතු හේතුවෙන් අහිමි නොවුණේ නම්, ඇඟලූම් කර්මාන්තය අද වන විට දියුණූ කර්මාන්තයක් බවට පත්වීමට හැකියාව තිබූණා. පසුගිය අඳුරු යුගය නිමා කරමින් නව යුගයක් ආරම්භ කළ යුතුයි. 2005 වසර වන විට මෙරට ඇඟලූම් කර්මාන්තශාලා 800ක් පමණ පැවති නමුත්, අද ඉන් ඉතිරිව ඇත්තේ ඇඟලූම් කර්මාන්ත ශාලා 200ක් පමණය මේ වන විට බිඳවැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලූම් ක්ෂේත්‍රයට ද නව රජයේ අත හිත ලැබෙන බවත් කීවේය.
රජයේ මැදිහත්වීමෙන් සෑම අංශයකටම උපකාර කරමින් එම අංශයන්ගේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසාන මොහොතේ ප්‍රභාකරන්ට නිදහස් වෙන්න දුන්නා නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නොවෙයි තව ගොඩක් සහන දිනාගන්න තිබුනා. ඒක ගරු ඇමතිතුමා රට ගැන හිතලා එදා පාලකයෝ ගත් තීරණයක් මිසක් බඩ ගැන විතරක් හිතලා ගත් තීරණයක් නොවෙයි. (නි)
දීපාල්, ඔබ හරියටම හරි. මමත් එයට එකඟයි (නි)
සතුටුයි ඉහළ ප්‍රතිචාර දැක්කහම. එ්ත් දැන් වැඩිහරියක් ඉන්නේ නිකම් දෙනවා නම් ලෙඩක් වුණත් බාරගන්න අයයි. (නි)
එහෙම දෙයක් නොවන්න පාලකයින් වගබලා ගත යුතුයි.(හේ)
නව ඇඟලුම් ක්ෂේත්‍රයක් මෙරට ගොඩ නැංවිය යුතුයි.(හේ)
ඇඟලුම් කාර්මාන්ත තවත් ඇති කර නව පරපුරට එහි රැකියා ලබා දුන්නා නම් රැකියා ප්‍රශ්නයට විසදුම් රැසක් සොයා ගන්න පුළුවන්.(හේ)
කරන්න යන දේ අගෙයි.(හේ)
ඇගලුම් ක්ෂේත්‍රයේ දියුණුවක් දකින්නට නෑ දැන්.(හේ)
දැන් ලංකාවේ ඇගලුම් කාර්මාන්තය බිම වැටී ඇත.(හේ)
දීපාල් සමඟ එකගයි.(හේ)
යුද්ධය අවසාන මොහොතේ ප්‍රභාකරන්ට නිදහස් වෙන්න ඉඩ දුන්න නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නෙවෙයි තව ගොඩක් සහන දිනා ගන්න තිබුනා. ඒක එදා පාලකයෝ රට ගැන හිතල මිසක් බඩ ගැන විතරක් හිතල ගත්තු තීරණයක් නොවෙයි ගරු ඇමතිතුමා. (බ)
දීපාල් සමග එකඟයි. (ර)
යුද්ධය අවසාන වෙන මොහෙතේ බටහිර රටවල නියෝජිතයෝ කියපු විදියට ප්‍රභාකරන්ට නිදහස් වෙන්න දුන්න නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නොවෙයි තව ගොඩක් සහන දිනා ගන්න තිබුන, එක එදා රට ගැන හිතල පාලකයෝ ගත් තීරණයක් මිසක් බඩ ගැන විතරක් හිතල ගත්තු තීරණයක් නොවෙයි ගරු ඇමතිතුමා (බ)
මමද කර්මාන්ත ශාලාවක රැකියවක් කරළෙමි. එහිදී සේවකයෙකුට සේවාදායකයාගෙන් ලැබියයුතු බොහෝ දේ මා හට නොලැබිණි. එහෙයින් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සනාථ කළයුතු වේ (නි)
බලමුකෝ.(හේ)
ඔය ඉල්ලන සහන ඔක්කොම යුරෝපය සහ ඇමරිකාව දෙන්නේ ඒ අයට අවනත රජයක් , ඒ කියන්නේ නොපෙනෙන භාහිර හස්තයකින් අප රට ඔවුන්ට නතු කර ගන්න පුළුවන් නම් පමණි , (හේ)
යුද්ධයේ අවසාන කාලය හා ජී.එස්.පී. ප්ලස් අතර සම්බන්ධයක් නොමැත. ජී.එස්.පී. ප්ලස් අහිමුවූයේ 2010 දීය. (ර)