තමා බිහි කළ සැබෑ මව ‘ෆේස් බුක්’ ආධාරයෙන් දවස් එකහමාරක් ඇතුළත සොයා ගත් ඉන්දියානා කාන්තාවක් පිළිබඳ වාර්තා වේ. 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස් නැමැති ඇය සිය`ඵ දෙනා හඳුනන්නේ බෙට්සි යන නමෙනි.
කුඩා කාලයේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ විශ්‍රාමික ගුරුවරියක හා ඇයගේ ස්වාමිපුරුෂයා විසිනි. ඔවුන් ඇය අරන් හදා ගත් බව බෙට්සි දැනගෙන සිටියාය.
තම සැබෑ මව සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. මේ සඳහා ඇය හදා වඩා ගත් පියා ජිම් බෝයිස් ඇය ධෛර්යමත් කර උදව් කළේය.
‘ෆේස් බුක්’ යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, ‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුවක් ආරම්භ කර ‘මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.
මම 1984 මැයි 29 වන දින ඇමෙරිකාවේ ඉන්දියානාහි ශාන්ත ෆ්‍රැන්සිස් රෝහලේ උපත ලැබීය. මා බිහි කළ මගේ මව මම සොයමින් සිටියි. එයට උදව් කරන්න’ ඇයගේ කුඩා කළ ඡායාරූපද එම පිටුවට එක් කළාය.
දින එකහමාරක් ඇතුළත ඇගේ සැබෑ සහෝදරයාගෙන්, නැන්දාගෙන් සහ ඥාති සහෝදරයකුගෙන් පණිවිඩ ලැබුණි. ඒ අනුව දුරකථනයෙන් කතා කොට දිනයක් යොදා ඇය තම සහෝදරයා සහ අනෙකුත් ඥාතීන් මුණ ගැසුණාය. ඔවුන් පෙන්වූ බෙට්සිගේ කුඩා කළ ඡායාරූප මගින් ඇය ඔවුන් තමන්ගේ සැබෑ පවුල බව හඳුනාගත්හ. ඇයගේ සිනහව තම මව සේම බව ඇගේ සහෝදරයා සඳහන් කරයි.
ඔවුන්ගේ මව අසනීප තත්වයෙන් පෙළෙන බැවින් මව තවම මුණ ගැසී නොමැති අතර නොබෝ දිනකින්ම මව බැලීමට යන බවත් ‘ෆේස් බුක්’ ආධාරයෙන් තම සැබෑ පියාද තමන් සොයා ගන්නා බව ඇය පැවසීය.
‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුව සඳහා මේ වන විට 6000 ක් පමණ කැමැත්ත පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම දෙමාපියන් ,සොයුරන් ,පවුල තරම් සිතට සුවදායක මිනිසුන් තවත් මෙලොව කොහිත් නැත ...? (ස)
ලංකාවෙ නම් මොකද වෙන්නේ ? කවුරු හරි කොහොම හරි මෙයට ගහන් හදයි මොනවා හරි කරලා. (ස)
දෙමාපිය සහ සොයුරු සොයුරියන් ගෙන් ලැබෙන ආදරය ලොවේ කිසි තැනක නැත. (ස)
ලංකා, හැම වෙලේම අපේ රට අනික් රටවල් එක්ක සංසන්දනය කරලා දොස් කියනවට වඩා, අපේ රටේ තියන දේවල ඉඳලා හිටලවත් අගේ කරන්න පුරුදු වෙන්න. (ස)
අප ගැන බලන්න ඉන්නේ දෙමාපියන් පමණි. පිරිසිදු ආදරය තියෙන්නෙත් දෙමාපියන් ළඟ නේද, සොයුරු සොයුරියන් කියන්නේ වෙලාවට විතරයි. මගේ අම්මට බුදු සරණයි. (ස)
නිමල්ගේ අසහස් වැරදිත් නැහැ. ඒත් සීයට සීයක්ම හරිත් නැහැ. මොකද මැරෙනකම් එකවගේ ඉන්න සහෝදරයොත්, සහෝදරියොත් ඉන්නවා. විවාහයෙන් පස්සේ කුඩා කළ බැදීම් අඩුවෙනවා. එවිට ආවම් විෂමතාවය මත සැමදේම වෙනස් වෙනවා.(නදී)
ඇයි ඔයාලා හදා වඩා ගත් දෙමුපියන් ගැන මොනවත් කියන්නෙ නැත්තේ? ඔය කියන තරම් දෙමාපියන් හොඳ නම් ළමයව මොකද දුන්නේ. අනිත් දරුවන්ටත් තම ළමයින්ට වගේ ආදරය කරන අයත් ඉන්නවා. (නි)
ඔයා හරි සරත් (නි)
ඔක්කොම හරි, හැදු අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන.මෙපන කලක් ආදරෙන් දුක සැප බලලා ගෙන හදා වඩා.ගත්ත ට.(වැදු වාට වඩා අමාරු දරුවෙකු හදා වඩා ගන්න එක) (අ)
අපේ රටට දොස් කියන් එපා අපේ රටත් හෝ දේවල් ඕන තරම් තියෙනවා (අ)
මව යනු ජීවිතයේ හුගක් වැදගත් චරිතයක් (නි)